Sunday, July 9, 2017

සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........

ඉහළ අහසේ සිහින මාළිග දිනෙන් දින නිති හැඩවෙලා
මහළ හත අට සතුට සැනහී හිත පුරා ඳඟකම් කළා
ඇහැළ මාසෙක දිනෙක තිබු ඒ මතක නිතරම සිහිවෙලා
අහල පහලකවත් නොවී නුඹ කොහි ගියේදෝ සැඟවිලා

පිල්ලමක් යට දෙනෙත වෙහෙසී උණුහුමෙන් රත් පැහැවෙලා
මල්දමක් වූ මතක කඳුලින් දවයි හදවත රිදවලා
සෙල්ලමක් සේ නොසිතු සෙනෙහස පපු තුරුල්ලෙම හිරවෙලා
පැල්ලමක් වත් නැතිද හිත තුළ ප්‍රේම පැහැයම බොඳවෙලා

සෙනෙහසත් තුරුළට අරන් ආ හදම හදවත රිදවලා
ගිරිකුලත් සිඳ බිඳ වැටුණු පසු හිඳිනු බැහැ සිත තුටුවෙලා
සැනසුමත් හද කොනින් නික්මී තටුසලා යයි ඉගිලිලා
සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........

37 comments:

  1. හැමදාම වගේ ලස්සන පද පෙළ දුමී... මේ කවි පෙලේ තියන ශබ්ධ රසය හරිම අපූරුයි දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණී. නිර්මාණී නිතරම මේ මගේ නිර්මාණවල ශබ්ද රසය විඳින සහ අගේ කරන කෙනෙක්. සතුටුයි ඒ ගැන.

      ජයවේවා!!!

      Delete
  2. මේකට පිළිතුරු කවියක් ලියන්න ඕනේ!

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ම්ම්. ආසාවෙන් බලන් ඉන්නවා ලිඛිතාගෙ පිළිතුරු කවිය කියවන්න. ස්තූතියි ලිඛිතා.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  4. //පැල්ලමක් වත් නැතිද හිත තුළ ප්‍රේම පැහැයම බොඳවෙලා//
    මේක නම් නියමයි දුමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  7. එනවා ආයෙ යනවා. එනවා ආයෙ යනවා. පිළිතුරු කවියක් ලියාගන්නට බැරිව සිත ලතවෙනවා. මොනවා කියන්නද තේරෙන්නෙ නෑ දුමී ..... සුපිරියි !!!

    ReplyDelete
    Replies
    1. සුසුමට නම් යන්න එපා මෙයා හුස්ම ගන්නෙ නැතුව මැරෙයි

      Delete
    2. නෑ නෑ. ඒ ගැන බයවෙන්න එපා ඉයන්...

      Delete
    3. සඳවතිය...
      ලස්සන කතා ලියන ඔයාට පිළිතුරු කවියක් ලියන්න බෑ කිව්වම දුකයි වගේ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    4. ඉයන්..
      ඔව් ඉයන්. මැරුණත් ඒක සැනසිල්ලක් වගේ දැනෙයි එහෙම වුණොත්.

      ජයවේවා!!!

      Delete
  8. සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා.........

    best line

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්. මේ පද පෙලිය හින්දමයි මෙහෙම කවියක් ලියවුණේ. ඉස්සර මගෙ යාලුවෙක් යවන හැම කෙටි පණිවිඩයකම අවසානෙට "සුසුමකවත් නැවතුණිනම් යළි හුස්මක් නෑ ගන්නේ" කියලා ලියනවා. මම ගොඩාක් සංවේදී වුණු පදටිකක් ඒ. ඉතින් ඒක මෙහෙම කවියකට ගැළපුවා.
      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
    2. හෑ ?? එහෙම කිව්වා????? යාලුවෙක්ය කිව්වා????????? හම්මේ එහෙම යවන්නේ මොකද හප්පේ

      Delete
    3. ඔව් ලිඛිතා. ආදරය හෝ වේදනාව ඒ තරමටම ඒ හිතට දැනෙන්න ඇතී කියලා මට හිතෙනවා.

      Delete
  9. ලියන්නම ඕන ලියන්නම ඕන වගේ මේකට කවියක්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. හැමදාමත් ලස්සනට ආදර කවි ලියන සඳූට ලියන්න බැරි නෑ. එහෙනම් ලියමු එකක් මේ දැන්ම.
      ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි කටුසු.

      ජයවේවා!!!

      Delete
  11. මහමෙරක් වන් බරක් වුවත් පුළුන් රොදකැයි සිතාලා
    සැනසුමක් හෙලුවොතීන නරකද ඉදිරි ගමනට සුබ පතාලා

    ReplyDelete
    Replies
    1. කවිපෙලක් ලෙස දුන්නු පදවැල මහමෙරක් යයි සිතාලා
      ඔවදනක් සේ හිතට දිරිගෙන හුස්ම ගමි හෙට සිතලා....

      ස්තූතියි ඔබතුමාට. ඒ වගේම සතුටුයි මේ කවි පිළිතුරට.

      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  13. //සුසුමෙවත් නැවතී හිඳියි නම් හුස්ම නොගනිමි සැනසිලා//
    පට්ට බන් මේක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෝමා.
      මගේ හිතට තදින්ම වැදුණු වචන ටිකක් බන් ඒ.

      ජයවේවා!!!

      Delete
  14. බොහොම ලස්සනයි මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  16. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.

      ජයවේවා!!!

      Delete