Sunday, September 3, 2017

සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක්.........

හත් පා බිමේ ඉරු දින මල් සුගන්ධයක්
සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක්
අත් පුඩි ගසා සමරන්නෙමි මිනිත්තුවක්
ඇත් තම කියමි සතුටකි මට අනන්තයක්

ප්‍රතිචාරයක් කවියට පෙරලාපු 'දුමී'
කුසලානයක් ඒ හින්දම ලබපු 'දුමී'
අවසානයක් නැති සතුටක් විඳින්නෙමී
කවිකාරයෙක් කවියෙන් තුති පුදන්නෙමී

ඉන් දික තරිඳු රට සිට මෙහි ආව දුමී
මන් එරන්දි අටමත් සමගින්ම කමී
ඡන් දය දුන්නු හැම දෙනාම සිහි කරමී
දුන් සහයකට හැමටම තුති පුදන්නෙමී.........



.
සම්මාන ලැබූ හැම දෙනාටම සුභ පැතුම් එක්කරනවා වගේම සංවිධානය කෙරූ හැම දෙනාටම ස්තූතිය පුදකර සිටිනවා.


54 comments:

  1. එලනෙ දුමී අයියේ...... ලබන අවුරුද්දෙවත් හම්බෙමු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තඩි මල්ලියේ....
      ඔව් ඔව්. ඊළඟ වතාවේ උත්සාහ කරමු.

      ජයවේවා!!!

      Delete
  2. දුමියා ගියාද..

    හරි ලස්සන ලී කුට්ටිය.. හැක්

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ලස්සන කොන්ක්‍රීට් කුට්ටියක් ඇවිත් හිටියා
      අප්පට සිරි ....කතාත් කලානෙ.

      Delete
    2. දේශකයා..
      යන්න බැරිවුණා. දේශකයා ගියේ නැද්ද?
      ලස්සනයි. ඒ වගේම දිරිගැන්වීම් සඳහා දෙන මෙවැනි සිහිවටන වටිනවා.
      ස්තූතියි දේශකයා.

      ජයවේවා!!!

      Delete
    3. ප්‍රා ජේ..
      හෑ..... කතා කරන කොන්ක්‍රීට් කුට්ටියක් ඇවිත් හිටියා.
      අපරාදෙ බලාගන්න බැරිවුණානේ....:)
      ස්තූතියි ප්‍රා ජේ.

      ජයවේවා!!!

      Delete
  3. සක්මන් කරන විට මේ බ්ලොග් වනතරේ
    ඉක්මන් කෙටිම කමෙන්ටු දෙන දන අතරේ
    කවියෙන් ලැබෙන පිළිතුරු දුටුවම මිතුරේ
    ඉක්මන් මොකට හිමිවන දේ අත නෑරේ

    ReplyDelete
    Replies
    1. තිය තිය අඩිය හෙමිහිට බ්ලොග් වෙතට යමී
      ගිය ගිය තැනදි කවි පිළිතුරු පද බඳිමී
      ඔය කිව් ලෙසට ඉක්මන් නැති බව දනිමී
      නිය මයි ලිඛිතගේ කවියට තුති පුදමී....

      ජයවේවා!!!

      Delete
  4. හමුවන්නට බලා සිටිමුත් එදිනට දුමියා
    එන්නට වෙන්නෙ නැති බව පවසා සිටියා
    ලැබු සම්මානයට සුබ පැතුමන් මම පිදුවා
    ඊළඟ වසන්තෙදි හමුවෙන්නට පැතුවා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ප්‍රසන්න....
      හිතුවා ඇවිත් එම දින හැම දැකගන්න
      නැතුවා ඉඩක් නිවාඩුවක් ලැබගන්න
      පැතුවා වසන්තයෙ මතු දින හමුවන්න
      තැබුවා මගේ ස්තූතිය පිළිගනු මෙන්න....

      ජයවේවා!!!

      Delete
    3. ප්‍රසන්නගේ ජයග්‍රහනයටත් මගේ සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි. ඔබ තුමාටත් මගේ සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  6. ඒවී කියා අපි හිතුවා කවියෙ දුමී

    ReplyDelete
    Replies
    1. නෑවී දුකින් ඔෆිසියෙ හිටියාලු දුමී....

      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  7. අපේ සුබ පැතුම් මෙලෙසින් අපි පල කෙරුවා

    ReplyDelete
    Replies
    1. ලිපේ ගින්න සේ සතුටත් වැඩි වූවා....
      ස්තූතියි මනස්ගාත.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  9. උණුසුම් සුබ පැතුම් දුමී... වසන්තෙට ගිහින්ම සම්මානේ ගත්තනම් තවත් වටිනවා නේද ? මොනා කරන්නද මමත් යන්න ආසාවෙන් හිටියා ඒත් මිස් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. ඔව්. එතැනට ගිහින්ම සම්මානෙ ගන්න තිබ්බානම් හොඳයි. ඒත් නිවාඩු ගැනීමේ ගැටළුවක් තිබ්බ හින්දා යන්නවුණේ නැහැ.

      ජයවේවා!!!

      Delete
  10. ඔබ මේ සඳහා ඉතාම සුදුස්සෙක් දුමී... හඳවතින් ම සුබ පැතුම් දූමී. ඔබ වගේම සඳූත් ඒවිම බලාපොරොත්තු උනා , ඒත් නොපැමිණි සියළු දෙනා නොපැමිණියේ නොවැලැක්විය හැකි හේතු නිසා... ඊළඟ වසන්තයේ නොවැරදීම මුණගැහෙමු .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එරන්දී එව්ව පින්තූරෙ තමයි මෙතන දැම්මෙ. ඔව් ඊළඟ වතාවේ එන්න උත්සාහ කරනවා.

      ජයවේවා!!!

      Delete
  11. සුභ පැතුම් ලොක්කා.. ඒක උඹට ලැබිය යුතුම සම්මානයක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා. උඹ ඇතුළු සංවිදායකයන්ටත් ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  12. සුභ පැතුම් දුමී. කමිය සමග එකඟයි. දුමිට ලැබිය යුතුම සම්මානයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.
      නෙලුම්යායේ වගේම බ්ලොග් වසන්තයෙනුත් ලැබුණු මේ දිරිගැන්වීම් වටිනවා බොහොම.

      ජයවේවා!!!

      Delete
  13. දුමි.
    මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාටත්.

      ජයවේවා!!!

      Delete
  14. සුබ පැතුම් දුමී...
    කෝ ඉටිං ආවෙ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර.
      නිවාඩු ප්‍රශ්ණයක් තිබ්බ හින්දා එන්න බැරිවුණා. මිත්‍ර ආවද වසන්තෙට.

      ජයවේවා!!!

      Delete
  15. සුබ පැතුම් දුමී...
    කෝ ඉටිං ආවෙ නෑනේ..

    ReplyDelete
    Replies
    1. මග බලාගෙන ඉදලා වගේ. ඒකනේ දෙපාරක්ම....:)

      Delete
  16. දුමීගෙන් දුමීට හදපිරි සුභාශින්සනය..... නියම කවිය.....

    ReplyDelete
    Replies
    1. දුමීගෙන් දුමීට ස්තූතිය පුදකරනවා. ඒ වගේම ආයුබෝවේවා කියලා 'දුමී' ට පිළිගන්නවා. මීට පෙර දැකලා හෝ කතා කරලා හෝ නැති දුමීව මුණගැහෙන්න හිටියත් එන්න බැරිවුණා. ඊළඟ වතාවේ එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දුමී ඇතුලු බ්ලොග් වසන්තය සාර්ථක කරගන්න වෙහෙසුණු හැමෝටම යළිත් මගේ ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
  17. අයියෝ ඇයි ඔය සම්මාන උළෙල tv එකේ පෙන්නුවේ නැත්තේ අපි කවුරුත් මේ ගැන බලන්න ආසාවෙන් හිටියා
    මේ සම්මාන උළෙල පුද්ගලික එකක්ද පින්තුරයක් දැක්කා ඔකොම 40 විතර ඇවිල්ලා හිටියා ළමයිනුත් එක්ක අපි හිතුවේ පොඩි ළමයකුගේ උපන්දින සාදයක් කියලා
    ඔබට ලැබුණු සම්මානය මොකක්ද ? කරුණා කර කියනවද? අපි දන්නේ නෑ මොකකට හරි කමක් නැ මෙන්න මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. මට වඩා විස්තර ඔබ තුමා දන්නා බව ඔබේ කමෙන්ට් එකෙන්ම පැහැදිලියි.
      ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  18. මේ සම්මානයට නම් ඉතින් ඔහේ තරම් වෙන කිසිම කෙනෙක් නැහැ....
    මගේ උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මට වගේම අටංටත් ප්‍රසන්නටත් අනිත් සම්මාන දෙක ලැබී තිබෙනවා.
      ස්තූතියි කොච්චී. ඒ වගේම ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තට ආව එකටත් සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  19. සුබ පැතුම් ! හැමටම සෙනෙහසින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි.
      ආයුබෝවේවා කියලා 'දුමී' ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  20. උණුසුම් සුබ පැතුම් දුමී අයියේ
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොහාන් මලේ.

      ජයවේවා!!!

      Delete
  21. අකුරු තිබුනට වචන හැදුනට පෙලට තිබුනට කවි නොවේ
    හකුරු මී පැණි වගේ වදනින් ලියා තැබුවද ගී නොවේ
    අතුරු සිදුරුද සෙනග සේනා සිටිය පමනින් එය නොවේ
    දැදුරු නොවනා හදවතින් දෙන දෙය පමනි උරුමේ ලොවේ

    පිරිස ගෙන්වන අයුරු දුටුවෙමි ගෙවී ගිය දශකය පුරා
    කී වදන් වල ගැඹුර දුටුවෙමි ලියන දේ පිටුවක් පුරා
    ගොනුව උලෙලක් උනේ සෙනෙහස ගැලු නිසයි මුළු දින පුරා
    වසන්තය එන බවකියන්නෙ හිරුය දිදුලන නුබ පුරා

    දැව මුවානොව රනින් සැදුවද වටින්නේ එහි මිළ නොවෙයි
    බෙර හතක් සක් හඬ මැදින් ලැබුවද අනුන් දේ ඔබෙ නොවෙයි
    ඔබ නොසිටි තැන ලැබූ දෙය ගැන ඇති සතුට හිත අපමනයි
    ඔබට හිමි දේ ඔබ ලබා ඇත සත්තකයි එය ඔබ සතුයි

    ReplyDelete
    Replies
    1. හදයි දෙනෙතයි දකින දේවල් දෙකක් මිස එකදේ නොවේ
      එයයි හේතුව විවිධ නිර්මාණයන් බිහිවෙන්නට ලොවේ
      ලබයි නම් සැනසුමක් නිබඳව එයයි ලියන්නෙකුගේ සුවේ
      අදයි තට්ටය දුටුවෙ මෙහිදී මීට පෙර දැක හුරු නොවේ

      දිනෙන් දින එක්වෙනා නවක තුරු දළු දමා සියගත පුරා
      හොඳින් විදහා පෙන්නවයි තම නිසඟ හැකියා ලොව පුරා
      ඉරෙන් නිතරම පන්නරය ලැබ මල් ඵලද නෙක හැම දරා
      වසන් තය විත් එක් කලා නිති සුහද හදවල් රට පුරා

      මටම ලැබුණත් නැතත් ඇගයුම කාට ලැබුණත් සතුටුමයි
      බෙරම ගැසුවත් නැතත් හැමටම බෙදා දෙන්නේ සිනහමයි
      කවිම ලියලා හිතම පිරිලා සෑම තැනකම සෙනෙහෙමයි
      කොලම ලියනා තට්ටයා හට ස්තූති දෙන මේ කවියමයි....

      ජයවේවා!!!

      Delete
  22. උණුසුම් සුබපැතුම් ජයග්‍රහනයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  23. සුභ පැතුම්..
    උබ තමයි ඒකට නියම සුදුස්සා

    ReplyDelete
    Replies
    1. උඹ මුල ඉදන්ම ඒ ගැන මතුරපු හින්දම ඔන්න ලැබුණා

      ස්තූතියි රෝමා...

      ජයවේවා!!!

      Delete
  24. ඔබ ජයක් ලැබීමට සුදුසු කෙනෙක් නේ දුමී. ඔබේ සම්මානයට මගේ හදපිරි සුබ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී..

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...