Friday, September 8, 2017

ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී.......



සුසුදු ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි සැලි සැලී
මුහුදු මායිම නිසංසල වී අසිරි දෙයි සලමින් රැළී
සුමුදු මදනල ගයයි පෙම් ගී තාලෙ අනුවම නැලවිලී
නමුදු සොඳුරියෙ නොමැත බාධා දැනෙනවා පෙම් සිතුවිලී

දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
මාස සති දින බලා හිඳි ඒ දිනය මෙයමයි සැනසිලී
ආස මයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට තව සියුමැලී
රාස මුමුණා තවත් ළඟටම වී හිඳින් මගෙ සමනලී

නෙතින් ඉඟි බිඟි පාන සුදුමල් කැකුළියෝ සතුටින් වෙලී
සිතින් සුපැතුම් සුවඳ පතුරා ඇතිකරයි පෙම් කැළඹිලී
අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි සිලී
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී.......  



.

41 comments:

  1. වැස්ස අස්සේ තුරුල් වෙන්නට දුමීටත් දැන් හිත ඇතී.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ප්‍රසන්න.
      වැස්ස අස්සේ ලෙඩ හදාගෙන බෙහෙත් බොන්නට අකමැතී...

      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  2. ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී....... //
    *****
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  3. //දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
    මාස සති දින බලා හිඳි ඒ දිනය මෙයමයි සැනසිලී//

    එල දුමී අයියා.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තඩියා.

      ජයවේවා!!!

      Delete
  4. හරිම ලස්සනයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරී.

      ජයවේවා!!!

      Delete
  5. දුමීට මලීව හම්බුවෙලාද ඉන්නේ නැත්නං තාම හීන දකිනවද?

    ReplyDelete
    Replies
    1. මලීව හමුවෙලා තියෙනවා කිහිපවරක්, ඒත් හීනවලින්ම තමයි...:)
      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  6. ලා කොළ නෙවෙයි නිල්පාට නෙව !!

    ReplyDelete
    Replies
    1. හෑ.. ඒ මොකද්දැ...?

      ස්තූතියි ලිඛිතා.

      ජයවේවා!!!

      Delete
  7. සුන්දරයි මිත්රයා....!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. එසේම වේවා ඒ දෙපළට. ...:)

      ස්තූතියි මිත්‍ර.

      ජයවේවා!!!

      Delete
  9. //හිඳ අසළ පෙම ස්වරය ගළපමු වින්ඳ සෙනෙහස මට මදී//

    දුමීගෙ මේ වගේ කවි දැක්කම මට මතක් වෙන්නෙ දුමී ලිවුව මේ කවි පේලියමයි.

    ReplyDelete
    Replies
    1. මගේ කවි අතරින් ගොඩක් දෙනෙක්ට මතක කවියක් තමයි ඉශානි මතක් කෙරුවේ.

      ස්තූතියි ඉශානී.

      ජයවේවා!!!

      Delete
  10. බිනර හිරිකඩ දග කරන කොට හිතේ අද්දර සිරිමලී
    විතර සහසක් එනව සිතුවිලි උඹ ගැනම මට සියුමැලී

    ReplyDelete
    Replies
    1. හතර දස දෙස හුදෙකලාවයි අප දවන්නේ හුරතලී
      නිතර සෙනෙහේ උණුහුමක් දී සිනා සෙනු මා ප්‍රිය මලී....

      ස්තූතියි කට්ටකාඩුවේ ලොකු මල්ලී. ආයුබෝවේවා කියළා පිළිගන්නවා "දුමී"ට.

      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ඇත්තදැ?

      ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. ස්තූතියි මචෝ...

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. ස්තූතියි කොළොම්පුරේ.

      ජයවේවා!!!

      Delete
  14. මොනවා කියන්නද ඉතින් හැමදාමත් වගේ ඉස්තරන් කවි සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  15. නියමයි , නියමයි , මම ඔය මුල් පද ටික ඇහුවනෙ , අන්තිම හරිය මම හිතුවට වඩා ගොඩක් වෙනස් , අපූරුයි

    ReplyDelete
    Replies
    1. හිතුව විදිහ ලිව්වනම් තමයි හොඳ.
      ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  16. නුබේ පෙම් ගි සවන රැව්දේ නින්ද නැහැනෙ හුරතලි...
    උදේ ඵළිවෙන යාමෙදීවත් ඇවිත් යන්නකො පෙම්වතී...

    ReplyDelete
    Replies
    1. සඳේ සිසිලම හොරගෙන නුඹ තවත් එතැනම නොම රැඳී
      හදේ ගලනා සෙනෙහෙ නාමෙන් ළඟින් ඉනු මට තුටු ඇතී.......

      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  17. නුබේ පෙම් ගි සවන රැව්දේ නින්ද නැහැනෙ හුරතලි...
    උදේ ඵළිවෙන යාමෙදීවත් ඇවිත් යන්නකො පෙම්වතී...

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියන එකේ ඇවිත් යන්න පෙම්වතී.....

      ජයවේවා!!!

      Delete
  18. එ න් න බැරිවෙයි වැස්ස රුදුරුයි යන්න පුළුවන් තටු තෙමි
    මෙ න්න මේ ලෙස වලාකුලකට මුවා වී සිටිනව දුමි

    ReplyDelete
    Replies
    1. යන්න බැරි තැන වළාකුලකට මුවා වී මග හරිනෙමී
      ඉන්න විටකදි ඇගේ මතකය අවදිවන බව දන්නෙමී....

      ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  19. එන්න පොඩ්ඩක් පමා වුනත් මම කවිය මඟහැර ගත්තෙ නෑ, නියමයි දුමී අයියෙ

    ReplyDelete
    Replies
    1. හෑ... එන්න පොඩ්ඩක් පමා වුණා...? එතකොට ඉස්සෙල්ලා ආවෙ අවතාරෙදැ?:) :)

      ජයවේවා!!!

      Delete
  20. හරි අගෙයි දුමි මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ.

      ජයවේවා!!!

      Delete