Friday, November 10, 2017

මගේ තුරුළෙ හීන තියා......


පළමු බැල්ම හදේ තියා
ඈත දිනෙක ආවෙ ඔයා
මතක අරන් යන්න ගියා
මගේ තුරුළෙ හීන තියා




මටම ආදරේද කියා
සුවඳ හාදු මතක තියා
ඒ සුවඳත් අරන් ගියා
මගේ තුරුළෙ හීන තියා




හීනවලට පාර කියා
හීන පාට කරපු ඔයා
හීනෙ නොපෙනි යන්න ගියා

මගේ තුරුළෙ හීන තියා......

22 comments:

  1. කාලෙකට පස්සෙ දුමීගෙන් ලස්සන කවියක්... ඒත් අන්තිම කවියෙ තුන් වෙනි පදේ තව ටිකක් වෙනස් කලානම් ගැලපෙනවා කියල හිතෙනව මීට වැඩිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. වැරැද්ද හැදුවා.

      ජයවේවා!!!

      Delete
  2. ලස්සන කවියක් දුමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දී. ගොඩක් කාලෙකට පස්සෙ...

      ජයවේවා!!!

      Delete
  3. පැරණි මතක සිතේ තියා
    සිහින ලොවින් ඇවිත් එයා
    නව ආරේ ගීත ගයා
    බලා සිටී දෙනෙත් අයා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාටත් මේ ලස්සන පිළිතුරටත්.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ආදරේට බඳිනා,
      හීනවලට නොමැති
      වැට....
      ස්තූතියි තඩියා.

      ජයවේවා!!!

      Delete
  5. නියම කවි පෙළක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  6. සිංදුවක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  7. හීන ටික තුරුළෙ තියන් ඉන්න කන් ඔහොම ලස්සනට ලියන්න පුලුවන් .. නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි කොච්චියා.
      ඊටත් වඩා සතුටුයි කාලෙකින් මේ පැත්තට ආව එකට.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. මොන වැටක් ගැහුවත් හීන නතර කරන්න බැහැ.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ස්තූතියි මකරෝ.
      කාලෙකින් මේ පැත්තේ ඇවිත්.

      ජයවේවා!!!

      Delete
  10. ඒ හීනත් හොරු අරගෙන..
    මතකය පමණයි හිත යට.. :/

    ReplyDelete
    Replies
    1. හැම මතකෙම පොදි බැඳගෙන
      බවයක එනු මා බලන්න....
      ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
  11. කවුද දැං දුමියගෙ කෑල්ල, මොකක්ද දැං සිද්ධවුනෙ...

    ReplyDelete
  12. ලස්සනයි දුමී
    නිතරම මේ පැත්තට නාවත් ආපු සැනෙන් පෙරලන බ්ලොග් එකක් මේ. ජය

    ReplyDelete