Wednesday, December 6, 2017

ඈට සින්නයි මගේ සෙනෙහස කවිකමත් දැන් නැවතිලා.....

සිසිල් පිණි පොද තුරුවියන මත මුමුණමින් එක් රොක් වෙලා
ඇසිල් ලක අවසරය ලැබගෙන පරිසරය සිසිලස් වෙලා
දුහුල් වතකට වාවගන්නට නොහැක සිසිලස තනිවෙලා
සුනිල් නෙතු යුග බැල්ම අභියස හදමඩල උණුහුම් වෙලා


සීත උඳුවප් දිනෙක පෙරඹර සඳමඩල කෝමල වෙලා
ඈත සිට සුභ පැතුම සුළඟක දවටවයි හිනැහී බලා
ගීත යක් සේ නැගෙන සෙනෙහස දෙසිත මත්තෙම හිර වෙලා
දූත කම් තව අවැසි නෑ අද දෙසිත එක තැන නැවතිලා


පාට පාටට සුපිපි මල්පෙති ජීවිතේ ළඟ නැවතිලා
රෑට කොඳුරා රහස් නොතබනු මගෙ ළඟයි ඈ හිනැහිලා
කාට නැතිමුත් සතුට ඉහිරී මගෙ හදම අද තුටුවෙලා
ඈට සින්නයි මගේ සෙනෙහස කවිකමත් දැන් නැවතිලා.....

45 comments:

  1. එහෙනම් දැන් කවිකමත් නැති උනාද?හරිම අපරාදයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දැන්තියෙන අවුල....:)
      ස්තූතියි නිසන්සලා.

      ජයවේවා!!!

      Delete
  2. ආ ඒකයි මේ... සුබ පැතුම් සුබ පැතුම්.... ඒත් කවි කම අතරින්න එපා

    ReplyDelete
    Replies
    1. අෆොයි කොහොම අතාරින්නද කවිකම....

      ස්තූතියි සඳූ...

      ජයවේවා!!!

      Delete
  3. ඔහොම තමයි. ජීවිතේ හැටි. කවිකම සදාකාලිකයි. දැන් ඇති කියා හිතුනත් නැවත තවී ලියන්නට වෙනවා. ඒ බව මේ කවි වලින්ම පෙනෙනවා. මේ කවි අනර්ඝයි. බලමු තව ලියවෙන්නේ නැද්ද කියලා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට. මේ අදහසට මමත් එකඟයි. කියන්න ලියන්න බැහැ කිව්වත් ආයිත් කවි ලියන්නමයි හිතෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. දයාරත්න රණතුන්ගයන් හරි අපූරුවට ඔහොම කියනවා.
      ස්තූතියි ඔබටත්.

      ජයවේවා!!!

      Delete
  5. ඔබේ කවිකම අපට සින්නය නවතන්න බෑ මේ ලෙසා.

    ReplyDelete
    Replies
    1. ඉබේ මතුවෙන අකුරු කවිකර කවි ලියමි මම මේ ලෙසා...

      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  6. නැති වෙලා නෑනෙ. ඇති වෙලාද?

    ReplyDelete
    Replies
    1. එක තමයි මාත් හිතුවෙ. ඇතිවෙලා කිව්වොත් හරිවගේ ?
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. කොහොම වැට බැන්දත් කවිකම නවත්තන්න බැරියෝ...

      ස්තූතියි තඩියා.

      ජයවේවා!!!

      Delete
  8. මාත් සෙනෙහසත් එක්ක ගේත් ලියල දීලා ,
    දැන් ඩිවෝස් වෙලා විරවගෙන ඉන්නෙ.
    බය වෙන්න එපා හැමෝටම එහෙම වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහොමත් බය කරන්න හොඳද මං අහන්නේ.
      ස්තූතියි ඇනෝ.

      ජයවේවා!!!

      Delete
  9. සුබ පැතුම් දැන් තමයි කවි ලියන්නම ඕන

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.
      ඉතින් නොනවතිමි
      තවත් කවි ලියමි.
      ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  10. මගේ සුභ පැතුම් කියල කියනවද මගේ කණගාටුව කියල කියනවද කියල කල්පනා කලේ. මගේ ප්‍රාර්ථනාව තව දශකයකින් ආපසු හැරී බලද්දී ගත්ත තීරණය ගැන සතුටු වෙන්න වැඩ සිද්ධ වේවා කියලයි.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම හෝ කණගාටුව හෝ නොව, වටිනුයේ නුඹගේ පැමිනීමයි.
      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  11. //සීත උඳුවප් දිනෙක පෙරඹර සඳමඩල කෝමල වෙලා
    ඈත සිට සුභ පැතුම සුළඟක දවටවයි හිනැහී බලා // ලස්සන පද පෙළ. ජයවේවා අලුත් බලාපොරොත්තුවට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ. දිගටම කවි ලිවීමත් බලාපොරොත්තුවක් තමයි.

      ජයවේවා!!!

      Delete
  12. ඔබේ සෙනෙහස ඈට සින්න කරලා දුන්නම කවිකම නවතින්නේ නෑ දුමී. කවිකම තවත් වැඩිවෙලා ලස්සන කවි ලියවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද ? එහෙනම් තව ලස්සන කවි ඉදිරියට ලියවේවි,, නේද ?
      ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete
    2. මේකනේ සාමාන්‍යයෙන් වෙන්නේ "ජීවිතේ" සින්න කරලා දෙන එක.. ඒකයි කවිකම් නවතින්නේ... :D:D

      Delete
    3. මම හිතුවෙත් එහෙම තමා.
      ස්තූතියි අඳුරෙන් ආළෝකයට.

      ජයවේවා!!!

      Delete
  13. යේක බලහල්ලකෝ

    - ජෑ මා කාලී ජිනේ ජිනේ -

    ReplyDelete
    Replies
    1. හිටහන් ටිකක්..:)
      ස්තූතියි මකරෝ...

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  15. එක් එක් සමාජ මෙතෙක් එක් එක් වයස් සීමා වලදි කරන්න ඕන කියල සම්මත කරගෙන තියන දේවල් කරල බැලුවට වරදක් නෑ මම හිතන්නේ දුමී.. මේ සර්වකාලීන අරුතක් තියන ගීතයත් මතක තියාගෙන..

    අඳුර බිඳින්නට රැයක් දවාලු
    ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා

    මතකය නම් වූ මළපොත පෙරලා
    මළගිය ඊයේ සිහිපත් කල මැන
    පැතූ පැතුම් අත් මිට මොලවාගත්
    දැතෙහි දසැඟිලි දිග හැරලනු මැන
    එහි මොනවද ඇත්තේ
    කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ

    සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
    යෞවන විය පියවර තබනා සඳ
    හිස්වන පද විත සපුරා ගන්නට
    මියැසි විරාමය යලි පැමිණී ඇත
    කරුමෙකි පැවසෙන්නේ
    එපමනයි.. පිලිසරණය වන්නේ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපූරු පාඩමක් කියලාදෙන ගීතයක්.
      ස්තූතියි නැවතත්.

      ජයවේවා!!!

      Delete
  16. කවි කමට වසන්තයනෙ උදාවෙලා තියන්නේ

    ReplyDelete
    Replies
    1. කවි ලතාව දළු දා හැදේවි
      මල් පිබිදේවි.
      වසන්තය සාදරයෙන් පිළිගනීවි.
      ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  17. ඉස්සර කාලේ සිංහලයෝ මෙහෙමයි සුබ පතන්නේ....දරු මල්ලෝ වැඩි වේවා, හරක් වැඩි වේවා, වතු පිටි සාර වේවා, යල මහ පීදේවා, කිසි අතුරු ආන්තරාවක්, අලකලංචියක්, අබග්ගයක් නොවේවා...දුකක් කරදරයක් අහන්ඩවත් නොලැබේවා.... එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා!!

    සුබ යුග දිවියක් දුමින්දතුමනි!!!

    ReplyDelete
    Replies
    1. හදවතින්ම කරන මේ සුභපැතුම් හෙලයන්ට වාසනාවන්.

      ස්තූතියි කට්ටකාඩුවේ ලොකු මල්ලිතුමාට.

      ජයවේවා!!!

      Delete
  18. එ් කාලෙ නං වලිග තරුවක්.
    මේක පෝය ලංවෙලා වෙච්ච වැඩක් වගේ.
    කෝමත් හිතට අල්ලපු ලස්සණම යෙදුම
    "සීත උඳුවප් දිනෙක පෙරඹර සඳමඩල කෝමල වෙලා"

    තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්සිරිමල්.

      ජයවේවා!!!

      Delete
  19. හරිම ලස්සනයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන. ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  20. කවි කමත් දැන් නැවතිලා
    ඇයම දැන් කවියක් වෙලා!!

    ReplyDelete
    Replies
    1. ඇගේ කවියට මත්වෙලා
      හිඳිමි මම දැන් තුටුවෙලා....
      ස්තූතියි රන්දික.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...