Saturday, December 16, 2017

මතු සසරෙ පිං පුරමු යළියළිත් ළංවෙන්න.....



පාටින්ම හැඩවැටුණු සියුමැලිය විඳි ගතට
දෑසින්ම පෙම්කළේ හදවතේ ගැඹුරකට
දෝතින්ම තුරුළුකර ගන්න සිතුනද හදට
ඈතින්ම තනිවෙන්න සිදුවුණේ අපෙ පවට


හීන එකිනෙක එතී වැටෙයි මල් පෙති මතම
ගේන දුක ඉතිරිලා ඉකිබිඳියි හිත තවම
පාන සිනහව නිසා නින්ද නැත පුන්සඳම
හීන අපෙ එළිවෙන්න දුර මදිද දින තවම


සිතු ලෙසම ළං ළංව ඔය සෙනේ විඳගන්න
පැතු පෙමක උණුහුමට හදවතින් දැවටෙන්න
මුතු කඳුළු මල් මාල එපා තව සරසන්න
මතු සසරෙ පිං පුරමු යළියළිත් ළංවෙන්න.....





(සොඳුරු සඳවතියගේ "මලක මළගම" ට ලියැවුණු ප්‍රතිචාරයයි මේ.

26 comments:

  1. අනේ සාදූ පිංවතුනි... හී හී... ලස්සනයි කවි පන්තිය.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  2. අපි කාට කොයි විදියට ආදරේ කරත් මේ හැමදේම දාලා තනියම යන්න වෙනවා.ඒ නිසා ජීවත් වෙලා ඉන්න ටික කාලේ ආදරේ විදින්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වියයුත්තෙ ඉරෝමනී.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  3. මේක මම ලියපු එකටත් වැඩිය මට දෙනෙනවා දුමී...ස්තූතියි මගේ කවියට වටිනාකමක් දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ. "මලක මළගම" නැතිනම් මගෙන් මෙහෙම නිර්මාණයකුත් නැති වෙන්න තිබ්බා. සඳූගෙ නිර්මාණය හොඳින්ම දැණුනු නිසාමයි මෙය උපදින්නෙ.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. වැට කඩුළු දමා සෙනෙහසක් මේ සසරෙ වෙන් ලෙරුවත් ඊළඟ සසරක එකතුවෙනවාමයි.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  5. මලක මළගම මිස් වෙලා තිබ්බේ.. දෙකම එකවර කියවන්න ලැබුණු එක ගොඩක් හොඳයි කියල හිතුන.. අපූරුයි දුමියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා. විඳින්න පුලුවන් වුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  6. සුදු සමනලීDecember 18, 2017 at 6:12 AM

    හමු වේවා අපි මතු අත් බවයක
    නිහඩ නිසන්සල පාලු දූපතේ
    කාත් කවුරුවත් ඇස නොගැටෙන්නට
    අපේ අහිංසක පෙම් පාරාදීසේ


    ලස්සනයි දුමින්ද අයියේ

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවක් මතක් කෙරුවට ස්තූතියි නංගී.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි කොච්චී.

      ජයවේවා!!!

      Delete
  8. නොයෙක් තැන් රස බර
    කියයි ඔහු යහමින් මනහර
    කිව්වත් එය කවියෙන්
    අරුත්බර දේ නොයයි ඔහුගෙන්

    - ජේ මා -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මකර පැටියො.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි අක්කෙ. ගොඩක් කාලෙකට පස්සෙ.

      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. වචනයක් ඇත්තෙම නැද්ද තරිඳුවෝ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  12. සිතේ සිතුම් පි්දෙන්නයි.
    පැතූ පැතුම් ඉටු වෙන්නයි
    දුමිට සතුට වැඩි වෙන්නයි
    මේ භවටයදි හමු වෙන්නයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කප්පිත්තා.

      ජයවේවා!!!

      Delete
  13. දුමීගෙ කවි සෙට් එකක්ම බරටම මිස් වී ඇත

    ReplyDelete
    Replies
    1. පමාවී හෝ උඹේ පැමිණීම සතුටක් වනු ඇත.
      ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...