Sunday, December 31, 2017

ළොකු අක්කගෙ ලොකු පුතයි ... පොඩි අක්කගෙ පොඩි දුවයි



ළොකු අක්කගෙ ලොකු පුතයි
පොඩි අක්කගෙ පොඩි දුවයි
උඳුවප් මහ නිවාඩුවයි
සමරන්නට ආ වගයි


ආ හැටියෙම මෙහි උදේ
මගෙ ළඟටම නිති ඇදේ
දඟ මල්ලන්ගෙන් වදේ
ළොකු මාමට හිසරදේ


වෙලට යන්න ඕනෙලූ
ඇළ බලන්න ආසලූ
බඩගින්නත් නෑමලූ
අපොයි එහෙම කිව්වලූ


නියර දිගේ දුව පැන
ගල් තලාවෙ හිඳගෙන
පින්තූරෙට ගැළපෙන
ලස්සනකට හිනැහෙන


ෆෝන් එකත් අරගෙන
ගත්තෙ ෆොටෝ ඉක්මන
සිහිවටනය අද දින
නෙතට කඳුළු ගෙන දෙන......

29 comments:

  1. ආසාවේ කියවන
    හරි ලස්සන කවි ටික
    ලොකු මාමගේ සෙනෙහස
    ඊට වැඩිය සුන්දර

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අරූ. එයාලා නිවාඩු සමරන්න මෙහෙ ආවාම මගේ නිදහස නැතිවෙනෝ....:).
      ස්තූතියි අරූ.
      2018 යහපත් එකක් වේවා.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. Phone eke awulak hindaa photo daaganna beriwunaa.
      sthuuthiyi. Aluth awurudde aluth yaaluwek. Aayubowewaa kiyalaa piligannawaa.
      2018 yahapath ekak wewaa.

      jayaweawaa!!!

      Delete
  3. වෙල් එළියක දුවපැන
    ඇවිදින්නට බැරිඋන
    පොඩි දරුවන් කොපමණ
    ඉන්නවාද අදදින

    ලොකු මාමව හමුවෙලා
    ලඳු කැලෑවෙ ඇවිදලා
    ගල්තලාවේ වැතිරිලා
    කුඩා දරුවෝ සැනසිලා !

    ReplyDelete
    Replies
    1. මල් වාගේ සුපිපුන
      මුතු සිනහව වගුරන
      දරු දැරියන් දුටු තැන
      හිත නැහැවෙයි සතුටින....
      ස්තූතියි ඔබ තුමාට.
      2018 යහපත් එකක් වේවා.

      ජයවේවා!!!

      Delete
  4. ලොකු මාමගෙ
    ලොකු කම
    හින්දා නොවැ
    කලබල

    වුන් දෙන්නට
    හිටිවන කවි
    කිව්වානම්
    දුක් නැත

    - ජෑ මා -

    ReplyDelete
    Replies
    1. කවි කිව්වොත් දෙන්නට
      අහන් ඉදියි හොදකට
      තව කියන්න දිගකට
      හිසරදයක් වෙයි මට...

      2018 යහපත් එකක් වේවා...

      ජයවේවා!!!

      Delete
  5. පොඩි දෙන්නාට අමතක නොවෙන නිවාඩු කාලයක් වෙන්න ඇති..

    (දුමී වගේ අපිට කවියෙන්ම කමෙන්ට් ලියන්න බැහැ හොඳේ!)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩො ටික හරිම ආසාවෙන් ඉන්නෙ අපේ ගෙදර මලී.
      කවි නොලිව්වට හිතවත්කම අඩුවක් නැහැනේ...
      ස්තූතියි මලී.
      2018 යහපත් එකක් වේවා!!!

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි අසංග.
      2018 යහපත් එකක් වේවා.

      ජයවේවා!!!

      Delete
  7. ෆෝන් එකේ හිරඋන
    ළමයින් වෙයි හැම තැන
    එයින් මිදුනු විට මෙම
    ජීවිත වෙයි ලස්සන.

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. තම පහසුව හින්දම
      දෙමව්පියන් අතටම
      ෆෝනුත් දෙයි නිතරම
      පසුව බනී හැමටම....
      ස්තූතියි ප්‍රසන්න.
      යහපත් 2018 වේවා.

      ජයවේවා!!!

      Delete
  8. සුබ නව වසරක් වේවා දුමී

    ReplyDelete
    Replies
    1. යහපත් 2018 වේවා සඳූ.

      ජයවේවා!!!

      Delete
  9. මේවාට කවි වලින් උත්තර ලිවීමට බැරි වීම ගැන දුකය. සුබ නව වසරක්..

    ReplyDelete
    Replies
    1. කවි නැතත් මෙහි ආ එක ගැන සතුටුය කොච්චී...

      යහපත් 2018 වෙව.

      ජයවේවා!!!

      Delete
  10. සුබ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ.
      යහපත් 2018 වේවා.

      ජයවේවා!!!

      Delete
  11. පුංච් එවුන් හරිම හොදයි
    ලොකු මාමත් හොදම හොදයි
    සතුට පිරී දොරෙ ගලයි
    නිවාඩුවත් දැන් ඉවරයි
    ආයිත් ඒ කාලෙ එන්නෙ
    කාර්තුවක් ඉවර වෙලයි.
    කරත්තෙ බැදි ගොනුන් වගේ
    පොත් බෑගය කරේ බැදන්
    පුංච් එවුන් ඉගෙන ගනියි.
    නිදහස නෑ පෙරදි වගේ

    ReplyDelete
    Replies
    1. දිගක් නොමැති නිවාඩුවයි
      පාඩම් වැඩ කරට උසයි
      පන්ති වැඩත් ගොඩක් තියෙයි
      ළමා කාලෙ අනේ අපොයි...

      ස්තූතියි කප්පිත්තා.
      යහපත් 2018 වේවා.

      ජයවේවා!!!

      Delete
  12. දන්නවත් අපේ තුන් දෙනාත් එවනවා.. පොඩි උන්ට නිවාඩු තිබ්බට මට නිවාඩුවක් තිබ්බේ නෑනේ.. ඒක නිසා මෙලෝ රහක් නැතුව ගෙවිල ගියා..

    සුභ 2018!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පොඩි උන්ට අවුරුඩු වගෙ අපේ ගෙදර ආවාම. වෙල් යාය ගල් තලාව වගේම ඇළ පාරත් නිසාම ආයෙ ගෙදරට ගන්නවා බොරු. ස්තූතියි කමියා.

      යහපත් 2018 වේවා.

      ජයවේවා!!!

      Delete
  13. හරිම ලස්සන කවි පන්තියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු.
      යහපත් 2018 වේවා.

      ජයවේවා!!!

      Delete
  14. වාසනාවන්ත දරුවෝ ටිකක්. කාටද මේ වගේ නිවාඩුවක් ගත කරන්න ලැබෙන්නේ. දරුවෝ ටික සතුටින් තිබ්බ ලොකු මමත් හරිම හොදයි. ආදරේ හිතෙන්න ලස්සනට කවි ටික ලියලා තියනවා. නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!! දුමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී.
      යහපත් 2018 වේවා.

      ජයවේවා!!!

      Delete
  15. සුබ නව වසරක් වේවා

    ReplyDelete