Sunday, January 28, 2018

සැනසුමක් කෝ පෙර තරම්....


හදේ ගැඹුරුම තැනක තැවරුණු අතීතෙක සුව සිතුවිලී
වැදේ යළි යළි හුදෙකලා හිත දවයි රිදවයි මැසිවිලී
නොදේ නම් ළං ළංව උණුහුම විඳින්නට ඇය හා වෙලී
සඳේ කිව මැන කිමද හේතුව දකින්නට ඒ හසරැළී


ඇගේ සිනහව තැවුණු හිතකට අමිල විය ඔසුවක් තරම්
අගේ එය විඳි දිනක පෙරකල කඳුළු නොපෙණුනි මේ තරම්
මගේ තනියට දුකට සතුටට ගෙනා ලෙංගතු පෙම තරම්
නැගේ ගිණි දැල් වටකරන් මා සැනසුමක් කෝ පෙර තරම්....

31 comments:

  1. හිතුව බඳිනකොට ඕක වෙයි කියල

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද ඔය කියන්නේ ඉයන්. ..:)
      ස්තූතියි.
      ජයවේවා!!!

      Delete
  2. දැං එතකොට සඳ ද මේකට වග කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආහ්. සඳ එළිය තමයි වග කියන්න වෙන්නෙ..:)
      ස්තූතියි ප්‍රසන්න
      ජයවේවා!!!

      Delete
  3. හැමදේම ලග තියනකොට අපිට ඒවගේ අගයක් නෑ . ඒ දේවල් අපෙන් ඈත් උනාම තමයි අගේ දැනෙන්නේ. ආදරේ උනත් එහෙමයි. අපෙන් ඈතට ගියාම දැනෙන දුක වේදනාව කියලා නිම කරන්න බෑ දුමි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මාත් පිළිගන්නවා ඒක.
      ස්තූතියි ඉරෝමනී.
      ජයවේවා!!!

      Delete
    2. ඉරෝ ට මගෙ අලුත් බ්ලොග් එක දෙන්න මාත් ලිව්ව්වෙ ඕක ගැනමයි

      Delete
    3. මොකක්ද ඔයාගේ බ්ලොග් එක.මම දන්නේ නැනේ.

      Delete
  4. ප්‍රස්න තමයි

    ReplyDelete
    Replies
    1. ආහ්. හැමදාමත් වැට බඳින ප්‍රා. ජේ. අද වචනයක් දාලා. ඉතින් ප්‍රශ්න තිබුණත් මොකෝ..
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  5. සඳේ තනියට තරු පොකුරු වෙත සඳට තනියක් නැහැ නුබේ
    රිදේ පොඩි දෙයකටත් සිතුවිලි සියුමැලියි හදවත නුඹේ
    වදේ බැරුවැති මක් කරන්නද සිතූ ලෙස රස නෑ අඹේ
    හදේ ගැඹුරුම තැනින් පවසමි එලෙසමයි ඉඩ හද ගැබේ



    ලස්සන කවි දෙකක් දුමී. කාලෙකින් මේ පැත්තේ ආවෙ.

    ReplyDelete
    Replies
    1. අපූරු පිළිතුරු කවියක් සඳවතිය.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි කොච්චී....

      ජයවේවා!!!

      Delete
  7. අතීතය තරම් සුන්දර දෙයක් තවත් නැහැ මල්ලි

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ අතීත මතක වර්තමානයේ සිහි කරද්දි ඊට වඩා සුන්දරයි.
      ස්තූතියි අය්යෙ.

      ජයවේවා!!!

      Delete
  8. හැමදාම වගේ ලස්සන කවියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා. හැලපයාගෙ බ්ලොග් එක ගැන ලියැවුණු ලිපියක් දැක්කා. සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  9. ඇත්තටම සැනසුමක් නෑ නේන්නම් පෙර තරම්.....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  10. වදේ විදිමින් ලබාගත් ඒ සොඳුරු සුවයට මක්උනාදෝ ?
    හදේ ගින්නක් ඇවිල යන්නට තරම් කිසිවක් සිදුඋනාදෝ?

    ReplyDelete
    Replies
    1. සඳේ රුව ගුණ ඈත පමිනකි දකින්නේ එය වැටහුණාදෝ
      වැදේ හදවත මිරිඟු නදියක එගැන තව මොනවා කියම්දෝ....

      ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  11. නුඹත් මගේ ළඟ මමත් නුඹ ළඟ එක් වෙලා අපි පැතූ සේ...
    එහෙත් මසිතට නැගෙයි පැනයක් එදා සිටි නුඹම දෝ මේ...

    ReplyDelete
    Replies
    1. ගහත් පොත්තත් සඳත් කිරණත් විලස හිටියා එකෙකු සේ
      එහෙත් නුඹමයි අහක බැලුවේ මාද තවමත් එදා සේ....

      ජයවේවා!!!

      Delete
  12. මන් කිව්වා කෝ ඇහුවද???

    ReplyDelete
    Replies
    1. උඹේ මූනෙ රැවුල නෑනෙ. 😊
      ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete

සතුටයි සතුටයි දුමියට සතුටයි දුමියගෙ බ්ලොගයේ ලිපි සීයයි....

නහවයි නහවයි දිනකර පායා නිල් විල් ජලයම හරි සීතයි සුවඳයි සුවඳයි සියපත් පිපිලා සුවඳ විඳින්නට හරි ආසයි මුමුණයි මුමුණයි සියොතුන් අතු අග මුමුණන ග...