Sunday, February 18, 2018

....????


නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ
පිපුණි අදහස් සුවඳ පිරිලා කවි මලක් ලෙස හැම දිනේ. ....????

36 comments:

  1. නුබේ කවිකම් සෙනෙහෙ පිරිලා, සිතෙයි මට කියවූ සැම දිනේ, දුකින් බරවූ සිත් නිවන්නට, ඔබේ කවි ඔසුවකි අනේ!!!

    ReplyDelete
    Replies
    1. ඉබේ ලියැවෙන වදන් කවි ලෙස හැඩ වැටෙයි පළඳා සෙනේ
      නුඹේ හදවත සුව ලැබීනම් එයයි අරමුණ කවි ගුණේ....

      මේ ලස්සන කවි ප්‍රතිචාරයට ස්තූතියි ඉරෝමනී.
      ජයවේවා!!!

      Delete
  2. ප්‍රථිචාරය කවි වලින් ලියන්න මට තේරෙන්නෙ නන් නෑ දුමී... කාලෙකින් බ්ලොග් එක පැත්තට ආවෙ... බුකියෙ ඔයා ලියන කවි නන් නිතරම කියවනවා...

    ReplyDelete
    Replies
    1. කවි නොලිව්වත් මිතිල කාලෙකින් ආව එක වටිනවා. තවත් මගේ ඉදිරි බ්ලොග් ලිපි දෙකකින් මේ කවිය සම්පූර්ණ වෙයි. කවියේ අදහස එදාට බලමු.
      ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  3. අසම්පූර්ණ කවියක්....

    ReplyDelete
    Replies
    1. ඉවර නැති කෙටි කතාවක් වගේ නේද සඳූ.......:):)
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  4. මලට බඹරුන් කියන කවිකම් - ලියන පත් ඉරු පුදසුනේ
    නේක පදවැල් අහස කුස නැග - නුබ සොයා එයි සියෝතුනේ

    ReplyDelete
    Replies
    1. හිතට සමවැද මලක විසිතුර දිලෙන මොහොතක පුදසුනේ
      ඇයට නිමැවුණු කවිය ගෙනගොස් භාරදෙනවද සියොතුනේ....

      ලස්සන කවි ප්‍රතිචාරෙට ස්තූතියි පොලියානා.
      ජයවේවා!!!

      Delete
  5. ලැබුණු නිදහස අහස් කුසයේ රටා මැවුමට සියොතුනේ
    කරුණු කීම ඇයි අපට නැත්තේ එවන් රසයක් මිනිසුනේ?

    ReplyDelete
    Replies
    1. සිතනු මොහොතක් ධාර්මිකබව හිතේ නැතිනම් මිනිසුනේ
      හොයනු කොහොමද සැහැල්ලුව අද පියඹලා යයි විගසින්නේ.....

      ලස්සන කවි ප්‍රතිචාරෙට ස්තූතියි ඔබතුමාට.
      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ළඟදීම....???
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  7. පස්සෙ හොඳ comment එකක් දාන්නං👍👍👍

    ReplyDelete
    Replies
    1. බාලගිරි දෝශය අද නෙවෙයි හෙට.:)
      ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ළඟදීම තේරෙයි.
      ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  9. කැළණි වැලි දුම්රියත් කැඩිලා- පමාවී එන්නට උනේ
    ලෙහුනි කවිකම මේක දුටුවම- මටත් ඉඩ දෙනවද පනේ?

    ReplyDelete
    Replies
    1. දැණුනි උඹ නැති අඩුව මේ තැන - කෑ ගසා සෙව්වෙමි අනේ
      හැඟුණි සතුටක් මෙන්න ඉඩ ඇත - ඉතින් කවි ලියමුද පනේ...

      ස්තූතියි කමියා.
      ජයවේවා!!!

      Delete
    2. ගැමුණු කුමරුන් විජිත පුර බල බිඳ හෙලු හැටි සිහි කරන්නේ..
      ඇණුනු මුත් බිම පස්ස උස්සන් මමත් විත් තල්ලුවක් දෙන්නේ..
      දරුණු වැඩි වද මංදා කවුරුත් නෑනේ කවි හටනකට එන්නේ..
      කරුණු කීම සකි කොහොම තනියෙම පාලු ගෙයි වළඳක් බිඳින්නේ..

      Delete
    3. ඕලු පිබිදෙයි නැවත පරවෙයි නිබඳ ඒ ගැන කවි මැවෙන්නේ
      නෑලු එනමුදු කවියෙ හටනට කිසිවෙකුත් පෙර මග රැඳෙන්නේ
      යාලු හිත් තව ළඟ රැදෙන්නට කාලයයි මේ පුබුදුවන්නේ
      පාලු බිඳිනට පද ගොතන්නට ඔබටමයි ඇරයුම් කරන්නේ....

      Delete
    4. බාර ගත් වැඩ මහා හුඟක් මැද වෙහෙස වීලා හිස තවත් බර
      තාර උණුවෙන දවාලේ මහා සයිට් අස්සේ වී විඩාබර
      පාර හදලා ට්‍රැෆික් නැතුවම ගාලු යන්නට ලැබී අවසර
      නෑර දැන් යා යුතුය යලි දෙදොහකින් අපි හමුවෙමුද සුමිතුර :)

      Delete
    5. ඉන්න කිව්වත් කොහොම ඉන්නද ජීවිතේ අපෙ නිති දුවන්නේ
      කන්න බොන්නට වෙහෙසවන විට කොහොමදෝ තව කවි ගොතන්නේ
      යන්න අවසර ඉල්ලු මොහොතක කෙලෙසදෝ එය නොදී ඉන්නේ
      එන්න දෙදොහක් ගෙවී ගිය පසු කවි ලියා මග බලා හිඳින්නේ.....

      Delete
  10. කම්මැලි කම අතහැර ලියන්න ටිකක්

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම නෙමෙයි අරූ විභාගයකට හිරවුනා.
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  11. කෙටියි රහයි. දිග කවියක් ලියාවිනෙ ළඟදීම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියෙ.
      ඔව් ළඟදීම ලියැවේවී.

      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. ම්...ම්.... ළඟදීම...
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  13. ලඟදි කොටස එකතු උනාම ආයෙත් කමෙන්ට් කරන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එරන්දී.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි අක්කෙ.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි නංගී.

      ජයවේවා!!!

      Delete

( 109 ). මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....

පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගිය දින ඈය මගෙ ලොව...