Thursday, March 15, 2018

සෙනෙහසක උණුහුමකට ........

නිල්වන් පැහැති සඳ එළියට වහං වෙලා
ඉර නැති කලෙක පෙති අතරින් එබී බලා
මව් සෙනෙහසක උණුහුමකට තුරුළු වෙලා
ඉපදෙමු ලබන භවයෙත් සොහොයුරන් වෙලා


රන්වන් බුදුන් රුව පාමුල බලාලා
රතුවන් ඕලු මල් පොකුරක් පුදාලා
ඒ මල් පොකුර සොයුරන් ලෙස සිතාලා
පුරනෙමු පෙරුම් ඔබ මා අප පතාලා....











( නැගුණි අහසක රටා පෙළහර පියඹලා යන  සියොතුනේ
  පිපුණි අදහස් සුවඳ පිරිලා කවි මලක් ලෙස හැම දිනේ
  හැඟුණි නෑකම් සොඳුරු සිත් ලෙස සහෝදරකම සතුටිනේ........
ළඟදීම.......?????  )

28 comments:

  1. සිලි සිලි හඩින් බෝපත් සෙල උනාවේ
    වදිනට සුදු පියුම් පොකුරක් මම ගෙනාවේ
    ඒ සුදු පියුම් සොයුරන් සේ උනාවේ
    හැම බවයෙදීම මගෙ සොයුරෙක් උනාවේ!!!!

    ReplyDelete
    Replies
    1. සිලි සිලි හඩින් බෝපත් සෙලවුණාවේ
      රැළි රැළි සුළන් රැල්ලට සැනහුනාවේ
      යළි යළි එකම මව් කුස ඉපදුනාවේ
      ගැළි ගැළි සතුටෙ සොහොයුරු ළංවුණාවේ......

      ස්තූතියි ලස්සන කවියට.
      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. මට. (මේක මගෙ මල්ලී අවුරුදු ගානකට කළින් මට ලියාපු කවියක්).
      ස්තූතියි හැලපෙ.

      ජයවේවා!!!

      Delete
  3. හැබෑට කාටද ඒ ලිව්වෙ, හැලප මහත්තයො කොච්චිය කිව්වා අද ජන්ම දිනේ කියල ඔහෙගෙ හැබෑද

    ReplyDelete
    Replies
    1. මට. (මේක මගෙ මල්ලී අවුරුදු ගානකට කළින් මට ලියාපු කවියක්).
      ස්තූතියි නෙරන්ජන්.

      ජයවේවා!!!

      Delete
  4. ඇත්තටම ලස්සනයි . කාලෙකට පස්සේ තමයි ගොඩ උනේ අපි ඉතින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනස්ගාත සටහන්කරු.
      කාලෙකට පස්සෙ වුණත් ආ එක සතුටක්.

      ජයවේවා!!!

      Delete
  5. කවිපද ටික නම් අගෙයි. 'සොයුරන්' ලෙස හඳුන්වන්නේ කවුද කියා තේරුම් ගැනීමත් ගැටළුවක් ...?
    පහළ ටිකක් ඈතින් ලියා තිබෙන පද තුනට පසුව 'ළඟදීම ????' යනුවෙන් ඇති කොටසෙනුත් ගුප්තාර්ථයක් මතු වෙනවා. එ නිසා කවි පිළිතුරක් ලියන්නේ තව ටිකක් පහු උනාට පසුවයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට. ලබන භවයෙත් 'සොහොයුරන්' (සහෝදරයන්) ලෙසට ඉපදේවා කියලා තමයි අදහස් කරලා තියෙන්නෙ. මේක මගෙ මල්ලි මට ලියපු කවියක්.

      පහලින් ඈතින් ලියලා තියෙන අසම්පූර්ණ කවි පද තුන මීට මාසෙකට විතර කළින් ඉඳන්ම මගෙ ලිපිවල දාලා තිබ්බා. එකෙ පටලැවිල්ල බොහොම ඉක්මණින්ම දැනගන්න ලැබේවි....

      ජයවේවා!!!

      Delete
  6. අගේ ඇති කවි පෙළ ...

    ReplyDelete
  7. Replies
    1. වැටකට මායිම් කරලා තියන්න බැහැ සහෝදරකම්.
      ස්තූතියි තඩියා.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ඔව් ප්‍රා. ජේ. සහෝදරකම කියන වැට කවදත් ශක්තිමත්.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  9. සහෝදරකම හැම වෙලේම හරිම ලස්සන බැඳීමක්.එහෙම ලේ බැඳීමක් නැති වීම වෙලාවකට අඩුවක් කියා දැනෙන්නෙත් ඒක වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. අනිවා නංගී. ඒ බැඳීම ගැන පහදන්න තරම් වචන ගළපන්න අමාරුයි. ඒ තරම්ම ඒ බැඳීම හදවතට සමීපයි. හැඟුම්බරයි. ලේ බැඳීමක් ඇතත් නැතත් ඒ බැඳීම හදවතට දැනෙනවා.
      "තරු යායේ ඈතින් ඈතට " ගීතයත් එවැනිම අපූරු ගීතයක්. ස්තූතියි නංගී.

      ජයවේවා!!!

      Delete
  10. ඒ සහෝදර සෙනෙහසට ඔන්න මගෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ..

      ජයවේවා!!!

      Delete
  11. හරිම ලස්සනයි දුමි. කියන්න වචන නැහැ.ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්ෂේම භූමී.

      ජයවේවා!!!

      Delete
  12. සහෝදරකම ගැන අපුරු පද පෙළක් දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. ගොඩක් කාලෙකින් මේ පැත්තෙ ආවට සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. නොබිඳෙන සොහොයුරු පෙම.
      ස්තූතියි රෝමා.
      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...