Thursday, April 5, 2018

සෙනෙහෙ එවිටයි සුවඳැතී......


ආලයක් හිත් මලක පිබිදී උණුහුමක් ගෙන එති එතී
සේලයක් සේ මහද දැවටී නිවා සනහයි පෙම නිතී
කාලයක් කෝ විඳින ලස්සන දැනෙන්නට රතු මල් පෙතී
මාලයක් ලෙස ගෙලට සරසා හැඩ දකින්නට හිත් ඇතී


ගීතයක් වී සෙනෙහෙ තනුවට ස්වරය රඟදෙන්නට සිතී
මාසයක් නොව තවත් දින ගැන හිඳින්නට ඉවසුම් නැතී
නාදයක් දී සරන කෙවිලිය අසිරි ගී මල් පුද දෙතී
වාදයක් තව කරමු සොඳුරියෙ සෙනෙහෙ එවිටයි සුවඳැතී......

24 comments:

  1. "වාදයක් තව කරමු සොඳුරියෙ සෙනෙහෙ එවිටයි සුවඳැතී...... "


    කවියේ ඔක්කොමත් හරි ... මෙන්න මේක තමයි වැඩේ හිටං .

    කොහොමරි කමක් නෑ , හැමදාම වගේ ලස්සනයි .

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ඒකනේ..... අදත් අතීතය මතක් වෙලා වගේ හිටං. හැක්...

      ස්තූතියි කළණ.
      දෙවසරක හිතවත්කමට.....
      ජයවේවා!!!

      Delete
  2. lassanai lassanai... goda kalekin me paththata awe..

    ReplyDelete
    Replies
    1. eakanea... Nirmaanii nethi tikata "Dumii" ta awurudu 2th lebuwaa.
      sthuuthiyi nirmaanii..

      dewasaraka hithawathkamata....
      jayaweawaa!!!

      Delete
  3. Replies
    1. අරේ
      මරේ
      මෙන්න
      කුරේ.....😊

      ස්තූතියි තඩියෝ.
      දෙවසරක හිතවත්කමට...
      ජයවේවා!!!

      Delete
  4. වාද කුමටද සොයුර මාගේ
    ඔබේ කවිකම් පළමු තැනනේ
    කල්පයක් උව කියන් හැකිනේ
    ඔබේ කවි මට ඉස්තරම්නේ



    ආලේ පිරෙනා හිතක උණුසුම
    ඔබේ කවිවල නිතර රගදෙයි
    සොබා අසිරිය මවයි නිතරම
    ලියන කවිවල සිතත් සැනසෙයි

    ReplyDelete
    Replies
    1. කවිකමට නුඹ ප්‍රියම හින්දා
      කවිය කියවා සතුටු හින්දා
      ස්තූති මල් මල් මාල බන්දා
      පුදමි නුඹ මෙහි ආව හින්දා.....

      ස්තූතියි. ඉරෝමනීගෙ බ්ලොගයක් නැද්ද?
      දෙවසරක හිතවත්කමට.....
      ජයවේවා!!!

      Delete
  5. කාලයක් තිස්සේම දුමියා
    හදාගෙන පෙම් මාලයක්
    ආලයක් ගැන පෙරුම් පුරනව
    පලන්දන්නට සේලයක්

    මාසයක් දැන් එනව ළඟ ළඟ
    නැකත් ඇති බෝ කාලයක්
    වාදයක් තව මොටද දුමියෝ
    බැඳගනින්කෝ කාරයක්

    ReplyDelete
    Replies
    1. හිතපු තරමක් හිතූ දේවල් පහුවෙලා බොහො කාලයක්
      දැකපු සිහිනය හැබෑවීලා උතුරලා යයි ආලයක්
      කියපු හින්දම සඳූ කවියෙන් රැගෙන මම යළි මාලයක්
      බැඳපු කාරය ලිහා දැමු පසු බඳින්නෙමි තව කාරයක්

      ස්තූතියි සඳූ.
      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. Haaa

      Sthuuthiyi Pra. Je.
      Dewasaraka hithawathkamata.....
      jayaweawaa!!!

      Delete
  7. හුග දවසකින් ආවේ. ලස්සනයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා.
      දෙවසරක හිතවත්කමට....

      ජයවේවා!!!

      Delete
  8. වාද කරල අන්තිමට කඩෙන් තමයි කන්න වෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. වාද කරාම සෙනෙහෙ වැඩි වෙනවලු....
      ස්තූතියි ප්‍රසන්න.
      දෙවසරක හිතවත්කමට...

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ස්තූතියි මිතිල.
      දේවසරක හිතවත්කමට....

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි රෝමා.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  11. තව කවියක් ඕනෙ ....

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු තව කවි....
      ස්තූතියි සඳවතිය.

      දෙවසරක හිතවත්කමට....
      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. ස්තූතියි තරිඳු.

      දෙවසරක හිතවත්කමට...
      ජයවේවා!!!

      Delete