Wednesday, May 16, 2018

පිරිමි පපුවක හඬන සුසුමක තවම නැහැ තෙත වියළිලා........


නෙතක් දඟදී කතා කර කර ඇසිපියන්පත් සල සලා
හිතක් සඟවා සිටිය නොහැකිය එබැල්මට යයි මත්වෙලා 
දිනක් සිහිවිය ප්‍රථම හමුවේ සොඳුරු දසුනක පැටලිලා
මතක් වන සඳ ඉවසගනු බැහැ හදවතම යයි ඇවිළිලා


දුර අතීතෙක නෙලූ පෙම් මල් එකින් එක ගෙන අමුණලා
සුර දුවක් සේ තුරුළුවී මට පැළැන්දුවෙ නුඹ හැඩබලා
සර න නිදහස් හිතට නොසිතුනෙ කිමද මිරිඟුව ලංවෙලා
බර දරන් තව ඉන්නෙ කොහොමද මතක පපුවේ හිරවෙලා


නිදමි සිහිනෙක හෝ ඇවිත් යළි හිඳීයැයි මට ලංවෙලා
දනිමි එනමුදු පියවි ලොව තුළ හිඳිනබව වී මංමුලා
නොනිමි සෙනෙහස හදවතේමයි තවම නැහැ එය වැළලිලා
පිරිමි පපුවක හඬන සුසුමක තවම නැහැ තෙත වියළිලා........

32 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා දුමී... 👍 👍 👍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  2. හදවතටම දැනුන නියමයි

    ReplyDelete
    Replies
    1. දැනුනනම් සතුටුයි. ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  3. පිරිමි පපුවක හඬන සුසුමක තවම නැහැ තෙත වියළිලා........

    ආසම වගෙම දැනෙන වචන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්මි.
      ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. හා....
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  5. නියමයි මටම ලිව්වා වගේ ..

    ජයවේවා දුමී

    ReplyDelete
    Replies
    1. ඔබට මට බොහෝ දෙනෙක්ට පොදු බවක් දැනෙනවා.
      ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  6. ලස්සනයි දුමී.... හිතට දැනුණා ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය. දැණුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete

  7. 'පිරිමි පපුවක හඬන සුසුමක තවම නැහැ තෙත වියළිලා........'
    දනිමි ඔය දුක මමත් ඔය ලෙස සිටියෙ සිහිනෙක පැටලිලා
    අහිමි වී ගිය දෙයක් ගැන ඇයි තවම ඉන්නේ බල බලා
    හරිමි මම නම් අතීතය වෙත, සුසුම් වල ඇති කළු වලා

    ReplyDelete
    Replies
    1. නොනිමි ලෙසකට ආලෙ කෙරුවද හිඳීනම් මා තනිවෙලා
      දනිමි ඵලනැති බවක් හැඩුවද හිත පුරාවට දුක්වෙලා
      කියමි අමතක කෙරු නමුත් ඒ අතීතය යළි කැරකිලා
      ලියමි කවිවැල් පැමිනි දුක් හැම වචනවලට මම හරවලා...

      අපූරු කවියක් ලිව් ඔබතුමාට ස්තූතියි.

      ජයවේවා !!!

      Delete
  8. බොහොම අගෙයි දුමියො...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට.
      ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. ස්තූතියි ලිඛිතා. ඒත් අර ලස්සන පිළිතුරු කවිය මැකුව එකනම් අපරාදයක්.

      ජයවේවා!!!

      Delete
  10. සිත ගලකි ; නෙලිය හැකි මෘදු කැටයමක්
    අයෝමය විය වෙඬරු සේ දියව යන ගින්දරෙන්
    මහපොලොව විය සියලු දුක් ගිනි උහුලමින්
    ලය සිසිල්මය නොඋනනා මුත් කීරි ලපැත්තෙන්

    ReplyDelete
    Replies
    1. සැදුණු ලේ මස් නහර ජීවය පොදුම වෙයි හැම එක ලෙසේ
      රැඳුණු සුන්දර ආල මතකය දවයි හදවත ගිනි ලෙසේ
      බිඳුණු දාකදි ඉවසනූ බැහැ දුක් සුසුම් මහමෙර ලෙසේ
      ගැහැණු පිරිමිද භේදයක් නැත දැනෙයි හැඟුමන් එක ලෙසේ....

      ස්තූතියි තට්ටයා ලස්සන කවියට.
      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි රෝමා...

      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. දරාගන්න බැරි දුකකදි කඳුලක් දෙකක් හරි ඇහැට හොරෙන් කඩා පනින්නේ ඔය වැට හරහා තමයි.

      ස්තූතියි තඩියා.
      ජයවේවා!!!

      Delete
  13. නිතර දකිනෙමි සිහිනයක් සේ ඇවිත්
    ඔබ මට ලංවෙලා
    නිතර වැලපෙන මගේ සිත ඔබ
    තුරුළු කරගෙන සනසලා
    හීනයක් බව නොදැන මම එය
    සතුටු සිතකින් නැගිටලා
    බලන විට ඔබ මගේ ළග නැහැ
    විලාප දෙයි සිත හඩවලා.

    ReplyDelete
    Replies
    1. දකින නෙක නෙක හැඩ මවාගෙන සෙනෙහසම නිති ගවසලා
      සිහින අතරෙම දඟකලා ඔබ මා තුරුල්ලෙම හිනැහිලා
      තැවෙන මා සිත කඳුළු මත්තෙම සුසුම් පොද හා හිරවෙලා
      ලියන කවිකම් ඵලක් නැත මට වචන නැහැ මා ගොලුවෙලා....

      ස්තූතියි ඉරෝමනී මේ ලස්සන කවියට.
      මේ තරම් රහ කවි ලියන එකේ පටන්ගත්තොත් හොඳ නැද්ද බ්ලොග් එකක්. ආ....?

      ජයවේවා!!!

      Delete
  14. තාම උත්තර කවියක් හිතමින්

    ReplyDelete
    Replies
    1. ලියන තුරු මා මග බලමින්....

      ස්තූතියි සඳූ.....
      ජයවේවා!!!

      Delete
    2. බරක් නොදැනුනු පිරිමි පපුවක
      හිතක් ඇත්නම් හිමි වෙලා
      පලක් වේවිද හිමි කරන් කිසි
      තෙතක් නැති පෙමකින් කුඩා..

      Delete
    3. තෙරක් නොපෙනෙන සෙනෙහෙ නාමෙක
      ඕනෙමයි පෙම ළංවෙලා
      දෙයක් කියනෙමි තිබිය යුතුමය
      දෙසිත සෙනෙහෙන් නැහැවිලා...

      ස්තූතියි සඳූ...

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි පොලියානා.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...