Sunday, June 24, 2018

( 101 ). හිස බරයි මම යන්නෙ කොහොමද නුඹව සොහොනේ නවතලා....


පෙති දෙපෙති එකිනෙකින් මැලවී අරලියාවෝ දුක්වෙලා
වැති ර මග දිග සදයි පාවඩ දුක් සුසුම් පද මුමුණලා
පති නියක් වී පැමිණි ඔබ අද මේ සුසානේ තනිවෙලා
නෙති න් කඳුලක් කෝ ගලන්නට කඳුළු උල්පත වියළිලා




හිස් ව තිබු දිවි ගමන පැහැබර මල් නෙලාගෙන අමුණලා
ලස් සනක් කර දුන්නෙ නුඹමය සුවඳ සෙනෙහෙන් නහවලා
ඇස් වහක් වැද අහිංසක අපෙ කැදැල්ලට ගිණි ඇවිළිලා
හුස් ම පිටකර ඇයි ගියේ නුඹ මතක මංදිර සරසලා




කුස ට මව්කිරි නොමැති කිරිකැටි සිඟිත්තිගෙ ඇස් රතුවෙලා
රස ය උණුහුම සොයා හඬදෙයි පපු තුරුල්ලෙම ගුලිවෙලා
බැස ගියේ කිම යළි නො එන්නට මසිත් අහසින් වෙන්වෙලා
හිස බරයි මම යන්නෙ කොහොමද නුඹව සොහොනේ නවතලා....

34 comments:

  1. මේක මාර විදියට වදිනවා.

    ReplyDelete
    Replies
    1. හිතට වදිනවානම් සතුටක්....
      ස්තූතියි හැලපේ...

      ජයවේවා!!!

      Delete
  2. සංවේදී පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. හිතට වදිනවානම් සතුටක්....
      ස්තූතියි ප්‍රසන්න...

      ජයවේවා!!!

      Delete
  3. දුමිය දැන් ඉස්සරට වඩා ප්‍රතිභා පූර්ණව හදවතටම දැනෙන්න ලියන හැඩයි ,මේක මම ඔයාගෙන් දැකපු හොඳම පැදි පෙළක්

    ReplyDelete
    Replies
    1. හිතට වදිනවානම් සතුටක්....
      ස්තූතියි තරිඳු...

      ජයවේවා!!!

      Delete
  4. ලඟින් උන් දා සෙනෙහෙ කැටි කොට කිව් වදන් මතකෙට අරන්
    ඉන්න සැනසී වෙහෙස වී ලස්සනක් කල නුඹ දිවි රැකන්
    දමා යන්නේ සිරුර පමණයි සොහොන් කොත ලඟ නුඹ අදත්
    එදා මෙන් හද ගැහෙන රිද්මෙට මුසුව ඉන්නම් නිති ලඟින්

    කොයිතරම් ලස්ස්නද කිව්වොත් මටත් එකක් ලියන්න හිතුනා.
    හැබැයි ඉතින් දෙකේ පන්තියෙ පොඩි එකෙක් වගේ ලියපු කවියට සමා බජනය..

    හරිම ලස්ස්නයි..

    ReplyDelete
    Replies
    1. එදා රැඳි මතකයන් තවමත් රිදුම් දෙයි හිත ගුලිකරන්
      මුදා සුසුමන් ඉන්න හැදුවත් පපුව තවමත් දුක දරන්
      සදා කල් නුඹ මගේමයි නුඹෙ මතකෙ මහ මෙර සමකරන්
      මෙදා අපගේ රුවැති සිඟිතිය රකින්නෙමි මම දිරි දරන්......

      ස්තූතියි නිදහස් නවාතැන.
      ආයුබෝවේවා කියලා " දුමී " ට පිළිගන්නවා...

      පොඩි පොඩි අඩුපාඩු කාගෙත් තියෙනවා. දිගටම ලිවීමෙන් ඒ අඩුපාඩු අවම කරගන්න පුලුවන්.

      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි රෝමා...

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. සොහොනින් නැගිටලා එන්නේ චෙෆාකි ලගට නෙමෙයි... බයවෙන්න එපා....
      ස්තූතියි චෙෆාකී...

      ජයවේවා!!!

      Delete
  7. මගේ යාලුවෙකුට මීට අවිරුදු දොලහකට විතර කලින් මේ අත්දැකීමට මුහුන දෙන්න උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු මල්ලී....
      බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම තියෙනවා.....
      ස්තූතියි...

      ජයවේවා!!!

      Delete
  8. හරිම දුක්මුසු කවියක්.....

    ReplyDelete
    Replies
    1. හිතට දැණුනනම් සතුටක්.
      ස්තූතියි සඳූ...

      ජයවේවා!!!

      Delete
  9. තරුණ වයසේ පෙම් බැඳන් සිට විවා දිවියට යොමු උනේ
    කරන හැම දෙයකදිම දෙදෙනා එක් සිතක් මෙන් සැනසුනේ
    පහන නිවිලා දරු සිඟිත්තී හඬන්නිය නොමැතිව සෙනේ
    කරුණ ඇයි මේ තරම් දුක්මුසු වන්ට දිවියම අද දිනේ

    ReplyDelete
    Replies
    1. පිරුණු හැඟුමන් හිතින් හිතකට උතුරලා දලුලයි සෙනේ
      කරුණු කාරණ කුමක්වී හෝ සෙනෙහෙ වැඩිවුණි දින දිනේ
      කෙරුණු සෙනෙහේ නිසා සිඟිතිගෙ ආලෙ ඇතිවෙයි අද අනේ
      කරුණු ඔය ලෙස යෙදුනු හින්දම දුකක් ඇතිවෙයි අද දිනේ......

      ස්තූතියි ඔබ තුමාට.
      ජයවේවා!!!

      Delete
  10. ඔබෙන් වෙන්වෙන කල පැමිණි විට
    යන්න සිදු විය වෙන්වෙලා
    සිගිත්තිගේ සහ ඔබේ සෙනෙහස
    දැනෙයි තවමත් ලංවෙලා
    නමුත් ලංවිය නොහැක මා හට
    ඔබේ ලෝකය දුර වෙලා
    බවේ සරනෙමි ඔබ පැමිණ තෙක්
    වැළද ගන්නට මග බලා..

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක්

      Delete
    2. මගෙන් සමුගෙන ගිය නිසා අද මේ ලොවේ මා තනිවෙලා
      නුඹෙන් තොර ලොව සිනා නැහැමයි දුකම හැමදා රජවෙලා
      ඉතින් මාගේ සිඟිත්තිය හෙට දිනම රජවන හැටිබලා
      ඇගෙන් නිදහස් වූව විට නුඹ වැළඳ ගන්නෙමි ලංවෙලා....

      ලිඛිතා කිව්වා වගේ ලස්සනයි.
      ස්තූතියි ඉරෝමනී.
      ජයවේවා!!!

      Delete
    3. ස්තූතියි ලිඛිතා...
      ජයවේවා!!!

      Delete
  11. මම මෙහෙම ලිවුවම දුමිට තරහා යයිද මන්දා. ඒත් මට හිතුන දේ තමයි ලිවුවේ දුමි.

    ReplyDelete
    Replies
    1. ලස්සන පිලිතුරු කවියක් තියෙද්දි කොහොමද තරහ ගන්නේ.
      ඒත් ඉරෝමනී බ්ලොග් එකක් නොලියන එකටනම් පොඩි තරහක් එනවා....හැක්..

      ජයවේවා!!!

      Delete
  12. බොක්කටම වදින කවියක් හින්දා පිලිතුර කොමෙන්ටුව කවියෙන් කොටන්න ගිහිල්ලා දින පහුවුනා. පස්සේ දවසක මේ කවිය නිමිත්තක් කරගෙන මගෙ බ්ලොග් එකේම එ්ක දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග. නිර්මාණය දැණුනානම් සතුටක්...
      ඔව් ඔව්. පිලිතුර කවිය දානකන් මග බලන් ඉන්නවා....

      ජයවේවා!!!

      Delete
  13. ඔයා දැන් ලියන්නෙම හද කලම්භන ඒවාමනෙ හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. හිතෙන හිතෙන වෙලාවට එක එක දේවල් ලියවෙනවා. නිර්මාණය දැණුනනම් සතුටක්.
      ස්තූතියි නෙරන්ජන්. කාලෙකට පස්සෙ ආ එකට සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  14. හිත ඇතුලටම කාවදින පද පෙළක් !

    ජයවේවා ඔබට

    ReplyDelete
    Replies
    1. හිතට දැණුනනම් සතුටුයි.
      ස්තූතියි කලන.

      ජයවේවා!!!

      Delete
  15. බොක්කටම වැදෙන්න ලියල තියනව.

    ReplyDelete
    Replies
    1. හිතට දැණුනනම් සතුටුයි.
      ස්තූතියි අයියෙ.

      ජයවේවා!!!

      Delete

(113). නුඹේ දඟ දෙන නෙතඟ බැල්මක වශිය දුටු මුල් දිනමය.....

එබේ තුරු මල් සිනහ රඳවා බලන්නේ නුඹ දෙසමය ගැබේ ගුවනේ සුවඳ පැතිරී වහින්නේ මල් වැහිමය නුඹේ දඟ දෙන නෙතඟ බැල්මක වශිය දුටු මුල් දිනමය ඉබේ සලිතව ...