Sunday, June 10, 2018

නොයනු වෙනතක පාට කෙරුමට දමා මේ කඩදහි කොලේ....


පාට පාටට පාට තවරපු
ජීවිතේ කඩදහි කොලේ
ආල සිතුවම තාම සුරැකිව
බොඳ නොවී පැහැයෙන් දිලේ


සුසුම කඳුළද දැණෙන මොහොතක
ශ්වේත පිටු මත නිසසලේ
වර්ණ ගැන්වූ සිත්තරාවිය
පිපෙයි මා හද විල් ජලේ


සොඳුරු සායම තැවරු සිතුවමෙ
පැහැය බොඳවී යන වෙලේ
නොයනු වෙනතක පාට කෙරුමට
දමා මේ කඩදහි කොලේ....








සතුටයි සතුටයි දුමියට .........යි.
(ඊළඟ ලිපියේ....)






.

24 comments:

  1. දුමිය සීය කෙනෙක් වෙන්න වගේ යන්නෙ ඊගාව ලිපියෙන්. ඕං අපි කලින්ම සුබ පැතුව හෙනං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ලබන ලිපියෙන්ම බලමුකො ඒ ගැන. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  2. මට හිතුන ඒවා කිසිම දෙයක් මෙතන නොකියමි. බලාඉමි

    ReplyDelete
    Replies
    1. // බලා ඉදිමි දුර ඈතක යයි ඔබ//
      හා හා...
      ස්තූතියි සඳූ..

      ජයවේවා!!!

      Delete
  3. කඩදාසි කොලේ ගැන මේම කිව්වේ ඇයි අප්පා? :-O

    මේවා තනිකරම කුමන්ත්‍රණ, නිර්දොෂියි සුවාමිනි

    ReplyDelete
    Replies
    1. තනිකරම කුමන්ත්‍රණ. අගේට තිබූ කඩදහි කොලේකට පාට දීපු ඕකා හොයා ගෙන වරෙල්ලා.
      (මදැයි ලිඛිතට හොරෙන් කවියක් කියන්න ගත්තා.... හැක් )
      ස්තූතියි ලිඛිතා.

      ජයවේවා!!!

      Delete
  4. සැඩ සුලගක් හමා අහසම කලු කරලා
    වැසි වැටුණා තමයි ගම් බිම් යටකරලා
    කඩදහි කොළ ඉරා පොඩි පොඩි ඔරු හදලා
    යැව්වද ගලා යන වතුරෙම පා කරලා?

    ReplyDelete
    Replies
    1. නෙතක පූදිනා කඳුලට වැට තියලා
      හිතක දුකම නිදහස් කෙරුමට හිතලා
      ලොවක සතුට ඇති කඩදහි ඔරු හදලා
      දිනක යවන්නට එනවද සතුටු වෙලා....

      ස්තූතියි හශාන්.
      ජයවේවා!!!

      Delete
  5. Replies
    1. ස්තූතියි හැලපයියේ.

      ජයවේවා!!!

      Delete
  6. පාට පාටට පාට තවරපු
    ජීවිතේ කඩදහි කොලේ
    ආල සිතුවම තාම සුරැකිව
    බොඳ නොවී පැහැයෙන් දිලේ

    හීන් පොද වැසි වසිනවා දැක
    සීතලෙන් ගත තව වෙලේ
    පාට තැවරුනු, සේදිලා යයි
    පරිස්සම් වෙනු 'දුමී මලේ'

    ReplyDelete
    Replies
    1. රැඳුණු සායම රැක ගැනීමට
      දිරිය ගන්නෙමි සැම වෙලේ
      ඔබට තුති දෙමි සොහොයුරේ මට
      දුන්නු ඔවදන් මේ වෙලේ...

      ස්තූතියි ඔබ තුමාට.
      ජයවේවා!!!

      Delete
  7. ලියුවත් සුවහසක් සුන්දර වදන් වැල්
    කලත් සිතුවම් එකින් එක ගෙන විසිතුරෙන්
    සදත් කෙතරම් පුරවමින් මල් කැටයමින්
    මසිත කිසිදා දිනා නැත කඩදාසියක්

    ReplyDelete
    Replies
    1. ගඟක සිසිලස සේම දිලිසෙන එකතුවූ කවි පේළියක්
      නෙතක දසුනට ප්‍රියක් ගෙනදෙන වර්ණ තැවරුණු සිතුවමක්
      මලක සුවඳම නොමැති වූවද වටී කල මල් කැටයමක්
      දිනෙක මතුදා දිනාගත යුතු වන්නෙමයි කඩදාසියක් ....

      ස්තූතියි ඔබට.
      ජයවේවා!!!

      Delete
  8. කඩදාසි කොළ වලින් ඡීවිත වෙනස් වෙනව දුමී අයියෙ

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී. ඒ මතකයන් අමතක වෙන්නෙ නැහැ ඉක්මණින්.
      ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  9. කඩදහි කොලේ .....

    ReplyDelete
    Replies
    1. ඔව්. පාට තැවරුණු කඩදහි කොලයක්.
      ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  10. පාට හීනෙක දැවටිලා මම
    තනිව ගෙවනා ජීවිතේ
    ආල සිතුවම හදේ සුරැකිව
    තාම ඇත නොවෙනස් ලයේ
    පිදුව ආලය නොයයි වෙනතක
    කවද හෝ ඔබ එන වෙලේ
    වැළද ගැනුමට හනික එනු මැන
    ඔබේ නමින් ඇත මගේ සෙනේ...

    ReplyDelete
    Replies
    1. රෑට දිදුලන තරු පළන්දා සෙනෙහෙ පෙන්නන ඒ දිනේ
      ඊට සමවන ආල සිතුවම පරදවයි නුඹගේ සෙනේ
      පාට ගල්වා අපේ සිතුවම රකිනු මා එන ඒ දිනේ
      මීට පසු මා නොයමි ඈතට රැඳෙමි විඳිමින් නුඹෙ සෙනේ...

      ස්තූතියි ඉරෝමනී.
      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...