Thursday, July 5, 2018

( 102 ) සං වරේ සිත් කෝඩුකාරලු සුපෙම් හැඟුමන් උතුරලා.....

සසර සෙවනැලි මතක මත්තෙම සුවඳ බිඳු මත තැවරිලා
නිතර සිහිනෙක වෙලී දෙසිතම සෙනෙහෙ නාමෙන් පිබිදිලා
වැතිර උඳුපිය ලියා යායක සැනසුමෙන් හද සැරසිලා
අතර කුමකට තවත් සුසුමන් සතුටු වනු දැන් හිනැහිලා

තුහින මල් වැහි සිසිල සදවා හොර හොරෙන් අප දෙස බලා
ඉහින හැඟුමක සුපෙම්බර බව වැඩිකරයි තව ලං වෙලා
පිහින පිහිනා දෝරෙ යන සඳ ආලෙ දෙසිතක ඉහිරිලා
සිහින සොඳුරුය තවම නුඹ මා ළඟ රැඳෙද්දී හිනැහිලා

සං සිඳුණු සඳ අහස්කුස මත ඉඟිමරයි ඇහිපිය හෙලා
පිං පිරූ අප භවෙන් භවයේ පෙරුම් පුරමින් තුටුවෙලා
මං නුඹේ වන නුඹ මගේ වන සුභම දින දැන් එළඹිලා
සං වරේ සිත් කෝඩුකාරලු සුපෙම් හැඟුමන් උතුරලා.....

28 comments:

  1. සුපෙම් හැගුම් උතුරා යන රස වෑහෙන පදපෙලක්
    අපුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ස්තූතියි මිතිල.

      ජයවේවා!!!

      Delete
  3. හැමදාමත් වගේම අදත් ඉතින් මේ කවිකම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  4. ඔවු ඉතිං කොච්චර සෙල්ලං දැම්මත් බඳින දවසට කෝඩුකාරයෙක් වගේ තමයි ඉන්නෙ. හැක්..

    අගෙයි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..... හොඳ කෝඩුකාරයෝ... හැක්...
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  5. ලස්සන පදපෙළක් දුමී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ.

      ජයවේවා!!!

      Delete
  6. හැමදාමත් වගේ... ලස්සනයි දුමී අයියේ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete

  7. /සිහින සොඳුරුය තවම නුඹ මා ළඟ රැඳෙද්දී හිනැහිලා/

    දැහැ න කට සමවැදී මෙන් සිටී නිතොර පෙම් බස් දොඩවලා
    සිහි න සොඳුරුය තවම නුඹ මා ළඟ රැඳෙද්දී හිනැහිලා
    දැනෙන මිහිරක රසය විඳිමින් සිටින විට ළඟ වැතිරිලා
    කරුණ ඇයි හදවතේ බර ටික නොමැත්තේ දැන් අඩුවෙලා?

    ReplyDelete
    Replies
    1. පුරන පෙරුමක බලය හින්දම භවෙන් භව සිත් පැටලිලා
      තරුණ හැඟුමන් සොය සොයා නිති ලබයි මල්සර පෙම්වෙලා
      පිරුන ඇගෙ පෙම හැම වෙලාවෙම සුවඳ දෙයි මට ලංවෙලා
      කරුණ එනිසා හදවතේ බර ඇතිය දැන්නම් අඩුවෙලා....

      ස්තූතියි ඔබ තුමාට.
      ජයවේවා!!!

      Delete
  8. ආදරේ දෝරෙ ගලනව වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  9. කලා සොලසක් පිරූ සද විත් අහස් කුස මත
    හිනැහිලා
    ලොවේ ගනදුරු නැති කරයි අද රන් තැටිය සේ
    හිනැහිලා
    පෙර බවේ පින් පල ලැබී දැන් ඔබ මගේ ලොව
    රජ වෙලා
    මං ඔබේ වන දිනය ලංවී තුන් හිතම මගේ තුටු වෙලා!!!!

    කමෙන්ට් කරන්න පරක්කු උනේ මම අසනීප උන නිසයි දුමී. පිළිතුරත් හොදද මන්දා??

    ReplyDelete
    Replies
    1. සඳට කියමුද අහස් කුස මත ඉඟිමරන්නට හිනැහිලා
      රැයට හෙමිහිට කොඳුරමුද අපි ඉන්න කියලා නැවතිලා
      හෙටට එළිවන සුභම දිනයේ දුක් සුසුම්වැල් වියළිලා
      රහට කවිකර ගොතමු ආලය මල් නෙලාගෙන අමුණලා.....

      අසනීපෙන් හිටියත් අපූරු කවියට ස්තූතියි ඉරෝමනී.
      ඉක්මනින්ම සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

      ජයවේවා!!!

      Delete
  10. මං නුඹේ වන නුඹ මගේ වන සුභම දින දැන් එළඹිලා"
    Patta

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  11. ඒ උනාට කෝඩුකාර සිත් තමයි අසංවර ම :)
    මරු වචන ටික...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සක්ඛාය දිටිඨි.

      ජයවේවා!!!

      Delete
  12. ලස්සනයි හැමදාම වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්.

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. ස්තූතියි රෝමා...

      ජයවේවා!!!

      Delete
  14. //සිහින සොඳුරුය තවම නුඹ මා ළඟ රැඳෙද්දී හිනැහිලා// භෝම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...