Tuesday, July 17, 2018

( 103 ) ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා......

වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා
මලා නික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා
පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා
මුලා වුණු හිත තැවෙනවා දැන් අතීතෙක මාවත් සොයා


වෙලා ගත් රුදු මීදුමේ ඝන අන්ධකාරෙට නෙත තියා
බලා ළතැවෙන ඇතුගලත් අද සුසුම් දෙයි තනිකම කියා
සලා සිනහව නුඹව දුටුදින වැටුණු මල් රොබරෝසියා
ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා


කලා සොළස පිරි නිශාකර යළි උදාවෙන රැය අරබයා
එලා සේල සළු සැරසුවත් නිති හිතේ සැනසුම දුර ගියා
ගිලා ගිය ඒ සෙනෙහෙ අමතක කෙරූමුත් දුක නෑ කියා
ගලා එන මන්දාරමේ තෙත හිතම හිරිවට්ටයි සොයා.....


30 comments:

  1. Replies
    1. තඩි වැට දැම්මත් මන්දාරම දකිද්දි හිත පිච්චෙනවා...
      ස්තූතියි තඩියා.

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. ස්තූතියි සක්ඛාය දිට්ඨි.

      ජයවේවා!!!

      Delete
  3. ලස්සනයි.. අපූරුවට පද ගැලපිලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. ස්තූතියි රජිත.
      ආයුබෝවේවා කියලා " දුමී " ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  5. කණේ මීපැණි වගේ මිහිරක් ඇතිව ආදර බස් කියා
    සෙනේ පෑවත් වරින් වර එහි සුහද බව ගිලිහී ගියා
    ගු ණේ නැත්නම් දෑත් දිගු කර ලඟට එන්නට ඔබ සොයා
    අ නේ මන්දා පලක් වේවිද විරහ ගී ඔයහැටි ලියා!

    ReplyDelete
    Replies
    1. කොරහ බිඳගෙන යන යකා දැන් මා දමා යන්නට ගියා
      තරහ නෑ ඒ ගැන හිතූමුත් දොසක් නොතබන්නෙමි ලියා
      ගරහ ගරහා නො ඉඳ වෙන්වී ගියපු එකමයි හොඳ එයා
      විරහ පද තව ලියන මොහොතෙදි සතුට එක්වෙයි දුර නොයා....

      ස්තූතියි ඔබ තුමාට.
      ජයවේවා!!!

      Delete
  6. මම මේකට පිලිතුරක් ලියන්න හිතා ගෙන සිටිමි.... බලමු ඉතින් ලිය වුනොත්...

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... මම ඔබේ පිලිතුර කියවන්න බලාගෙන සිටිමි...
      ස්තූතියි සඳූ....

      ජයවේවා!!!

      Delete
  7. 'වෙලා ගත් රුදු මීදුමේ ඝන අන්ධකාරෙට නෙත තියා
    බලා ළතැවෙන ඇතුගලත් අද සුසුම් දෙයි තනිකම කියා
    සලා සිනහව නුඹව දුටුදින වැටුණු මල් රොබරෝසියා
    ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා'

    මේ පද ටික අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකූ....

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  9. හිරුගේ කිරණින් ගිනියයම් වු ඇතුගල
    පොදවැසින් සිතල කරා
    කලා සොළස පිරි සදේ රැස් ගෙන
    වයබ අහසම එළි කරා
    ගලා නොබසින වැව් දියේ ඇති
    කුමුදු මල ඉගිබිගි කරා
    ඇගේ ළසොවින් තැවෙන ඔබෙ සිත
    ආදරෙන් මා කුල්මත් කරා!!!!

    ReplyDelete
    Replies
    1. මතක් වූවත් පෙර සබඳකම් හිතට සැනසුම් නොදේනම්
      දිනක් වේනම් උතුරනා පෙම් ගැඟුම් යළි යළි ලැබේනම්
      හිතක් ඇවිදින් නිතිපතා මා පෙමින් කුල්මත් කරයිනම්
      පෙමක් වෙනුවෙන් රැදේනම් නිති සතුට උණුහුම ලැබේනම්....

      ස්තූතියි ඉරෝමනී.
      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි කලණ.

      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  12. ඝනදුරේ තද සීතලේ එක - හිතක් අද දැවෙනා නියා
    ඇතුගලට සුසුමන් කුමට තව - සුලන් කපොළුද බිඳ දමා
    සිතේ මැලවුණු මධාරා මල් - කරන ලෙන්ගතු චෝදනා
    වැවේ වානත් බිඳ හෙලන් අද - ගැලුවා ඒ දුක් වේදනා

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා මේ පිලිතුරු කවියට. කවියකින්ම පිළිතුරක් දෙන්න මට වෙලාව අඩුයි.

      ජයවේවා!!!

      Delete
  13. අමතක කලේ නෑ , විභාගෙ නිසා ටිකක් කාර්යබහුලයි ඈ.
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු.
      විභාගෙට සාර්ථකව මුහුන දෙන්න හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

      ජයවේවා!!!

      Delete
  14. 104 රේ ශෛලිය මයි නේද? මම මේ අනිත් පැත්තට කියවන යන්නේ. කාලෙකින් එන්න බැරිවුනා. මේකත් අගෙයි දුමි

    ReplyDelete
    Replies
    1. 104 ශෛලිය කියන්නෙ මොකද්ද අයියෙ ?
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි රෝමා....

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...