Sunday, July 22, 2018

( 104 ). මැරෙන්නට පෙර වරෙන් පුතුනේ හුස්ම නැහැ තව දිගුවෙලා.....



දිනෙන් දින වැට කඩුලු මත්තෙම දෙනෙත් අපගේ රඳවලා
බලන් හිටියද ගෙවුනෙ කීවෙනි පොහොයදැයි අමතක වෙලා
ගැබෙන් දස මස දරාගෙන උඹ වැදූ ගුණවත් සිහිවෙලා
වරෙන් ළඟ එන පෝ දිනේ හරි අම්ම හොදටම ලෙඩවෙලා


පිනෙන් පින උඹ නිසා මව් පිය වරම අප හට හිමිවෙලා
දිනෙන් දින නිති සතුට ලැබුවේ සිඟිති සුරතල් බල බලා
රනින් මුදලින් කුමට සම්පත් දරුවො නැති දින ළංවෙලා
නෙතින් නොහඬන පියාගේ අද හදවතම ගිණි ඇවිළිලා


උසින් සැදි මහගෙදර තුළටම මහළු දෙසිතක් කොටුවෙලා
විඳින් නට ජීවිතය ඇතිමුත් හිතින් බොහො කල් මියැදිලා
දුරින් හිඳිනට තරම් පුදුමය උඹේ හිත දරදඬුවෙලා
මැරෙන් නට පෙර වරෙන් පුතුනේ හුස්ම නැහැ තව දිගුවෙලා.....








(  ජීවිතේ සැදෑ සමයේ විඳින ජීවිත වෙනුවට විඳවන ජීවිතයක් ගතකරන අපේම දෙමව්පියන් වෙනුවෙනි. ඔවුන් ඔබ එනතුරා මහගෙදරට වී බලා හිඳිනු ඇත. අඩුම තරමේ ඔබගෙන් දුරකථන ඇමතුමක් හෝ ලැබෙනු ඇතැයි මග බලා සිටිනු ඇත..... )

32 comments:

  1. දුරින් හිඳිනට තරම් පුදුමය උඹේ හිත දරදඬුවෙලා
    මැරෙන් නට පෙර වරෙන් පුතුනේ හුස්ම නැහැ තව දිගුවෙලා
    ලස්සනයි දුමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  2. +++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් දරුවන් අතරේ කොහොමටවත් වැටක් තියෙන්න හොඳ නැහැ.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  4. හම්බකරනට දුවනවා හැල්මේ දරුවො ටියුෂන් දක්කලා
    හිතේ තිබුණත් එන්නෙ කොහොමද ජීවිතේ වල් මත් වෙලා

    නියමයි.

    ReplyDelete
    Replies
    1. කොහොම හිටියත් මුදල් පසුපස දුව දුවා වල්මත්වෙලා
      එහෙම කිව්වට අපිව පොඩිදින රැක්කෙ ඔවුනුත් දුක්වෙලා....

      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  5. අපේ අම්මට මෙහෙම කියන්න අපි ඉඩ තිබ්බෙ නැහැ. ඇය මියෙන තුරුම අප අතරේ හිටියා.

    ReplyDelete
    Replies
    1. වාසනාවන් වාසනාවන්.
      ස්තූතියි හැලපේ.

      ජයවේවා !!!

      Delete
  6. මගෙ පණ චුට්ටක් ඉතුරු වෙලා තියෙනව නං එතකං අම්මවයි තාත්තවයි බලනව.

    ReplyDelete
    Replies
    1. වාසනාවන් වාසනාවන්. ප්‍රාර්ථනාවන් එලෙසම ඉටුවේවා.
      ස්තූතියි තරිඳු.

      ජයවේවා !!!

      Delete
  7. මැරෙන් නට පෙර වරෙන් පුතුනේ හුස්ම නැහැ තව දිගුවෙලා.....
    ++++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්. කාලෙකට පසු මෙහි පැමිණීම වටිනවා.

      ජයවේවා!!!

      Delete
  8. ඩයස්පෝරා එකේ අපි හැමෝගෙම කතාව :(

    නියමයි දුමියා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සක්ඛාය දිට්ඨි.
      ලංකාවෙ බහුල ගැටලුවක් නේද ?

      ජයවේවා!!!

      Delete
  9. එකට ගුලිවී කුරුළු කුඩුවෙ ලැබූ සොම්නස සිහි කරන්
    ඇඟට දැනෙනා සතුට සම්පත නිතොර දෙවෙලේ රත්තරන්
    රසට ආහාර දෙමින් සුව පහසුවෙන් කාලය ගතකරන්
    අපට ඔය දුක නොදුන් දරුවන් සදාකල්හිම වාසනාවන් !

    ReplyDelete
    Replies
    1. සඳට සඳවට රැඳෙන රන්තරු අහස්කුස වාසනාවන්
      මලට හැමකල් වටිනකම් දෙන සුගන්දය වාසනාවන්
      විලට සිසිලස නිතර රැකදෙන නීල ජල වාසනාවන්
      ඔබට සළකණ දෙනෙත් බඳුවූ ඔබේ දරු වාසනාවන්.....

      ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  10. ලස්සනයි දුමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ. කාලෙකට පස්සෙ ආව එකට සතුටුයි.

      ජයවේවා!!!

      Delete
  11. අදයි දැක්කේ මේක.... හරිම අපුරු කවියක් දුමී...කලිනුත් මේ වගේඅ එකක් ලිව්වා මා මතකයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මන් බැලුවා ඇයි සඳූ නැත්තේ කියලා. කලින් මෙහෙම ලිව්වද කියලා මතකයක්නම් නැහැ....
      ස්තූතියි සඳූ...

      ජයවේවා!!!

      Delete
  12. හරිම සංවේදී සටහනක්. අපිත් එතෙර ඉන්න ජනයා නිසා අැතුලාන්තයටම දැනුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙරන්ජන්. දැනුනානම් සතුටක්.

      ජයවේවා!!!

      Delete
  13. අදනම් කවියකින් පිළිතුරු ලියන්නේ නෑ දුමි. ඒත් මගේ අම්මයි තාත්තයි නම් දරු මුණුබුරන් පිරිවරාගෙන සතුටින් ජිවත් වෙනවා තාමත්. අපි හැමෝම එයාලට සලකනවා හොදින් තාමත්.

    ReplyDelete
    Replies
    1. කවියක් නැතත් මේ පැත්තට ආව එක වටිනවා.
      ඉරෝමනීත් දෙමව්පියනුත් වාසනාවන්තයි.
      ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete
  14. දැනෙන පණිවිඩයක් දුමී . හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා...

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  16. Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...