Friday, August 10, 2018

( 106 ). ඉතින් අම්මේ තවත් නොහඬනු මගේ පව් මට පලදෙනා.....


අඩි තබා මා ඇවිදිනා සඳ ඔබේ නෙතු රතු වෙන්නැතී
පොඩි දවස්වල සිනහ බල බල ඔබත් සතුටින් ඉන්නැතී
වැඩි ය නොසිතා තුරුණු වයසෙදි මගෙන් වරදක් වෙන්නැතී
පොඩි පුතා ගැන අම්ම අප්පා තාම දුකකින් වෙන්නැතී


යන්න එන්න මට ගමන් වියදම අම්මෙ ඔබගෙන් ලැබුනනේ
ඉන්න දිනවල ඇඳුම් අයියගෙ හොරෙන් අරගෙන ඇන්දනේ
කන්න තිබෙනා කෑම වේලත් නොකා දුන්නේ මටමනේ
ගින්න දැන් මගෙ හදේ දැවෙනව වරද හැමදා මගෙමනේ


දුරින් හිටියද අම්මෙ මතකෙන් තාම මම මෙහි විඳවනා
මතින් මත් වී සිටිය මිතුරන් නොමැති දැන් මා තනිවෙනා
භවෙන් මතු මතු ඔබෙම පුතුවී රැඳෙන්නට මම කල්පනා
ඉතින් අම්මේ තවත් නොහඬනු මගේ පව් මට පලදෙනා.....

26 comments:

  1. වල ක් වා යන වැරදි මාවත පෙන්වමින් හොඳ නරක සැම සෙසූ
    බර ක් නොමැතිව දුකත් සැපතත් එකාකාරව කන් යොමා ඇසූ
    වර ක් වත් මව් ගුණය නොතැකු කෙනෙකු හට මනුලොව විසූ
    වැඩ ක් නැත පසු තැවිලි වීමෙන් මවක් පරලොව ගිය පසූ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  2. මම සෝවියට් දේශයට ගිය මුල් කාලේ ශීතල දර්ර ගන්න බැරිව මේ ආකාරයේ කවි පෙළක් යැව්වා අම්මට

    ReplyDelete
    Replies
    1. \\ හිතේ දුකට එතකොට කවි ලියවෙනවා...//

      ස්තූතියි අයියේ.

      ජයවේවා!!!

      Delete
  3. නරක මිතුරන් ඇසුර හොඳ නෑ කියූ වාරය අපමනයි
    එදා ඒවා ඇහුවෙ නෑ මම හිතුවෙ උන් ගැන විතරමයි
    අන්තිමෙ වැරදිලා ගිය තැන කවුරුවත් නෑ තනිකමයි
    සමාජෙන් ගැරහුම් ලැබූවත් එදා මෙන් ඔබ මගෙ ළඟයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  4. Replies
    1. තරිඳුගේ අදහසට එකගයි. අලුතෙන් වැඩ කරන තැන ඉදන් විනාඩි 10න් මේක ලිව්වෙ. ස්තූතියි මල්ලි.

      ජයවේවා!!!

      Delete
  5. ලස්සන කවි පන්තියක් දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා.

      ජයවේවා!!!

      Delete
  6. දැන් දැන් ලියන්න කම්මැලි වේගෙන එනවා...නැත්තං පිලිතුරක් ලියන්නම ඕන කවි පන්තියක්.... හරිම හැඩයි දුමී....

    ReplyDelete
    Replies
    1. ඔව් සඳූ කම්මැලි වෙලා වගේ.
      ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  7. ලස්සනට රසය එන්න ලියලා... පද ගැලපිලා, එලිසමය සුරැකු , අර්ථවත් කවි පෙලක්.. හරිම ලස්සනයි.. සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. කවිය දැනුනනම් සතුටක්
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. මොන වැටක් බැන්දත් දරුවෙක්ට කවදා හරි දෙමව්පියන්ගෙ අගේ දැනෙනවා.
      ස්තූතියි අයියේ.

      ජයවේවා!!!

      Delete
  9. හැමදාමත් වගේ අනර්ගයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සටහන්කරු. ගොඩක් දවසකට පස්සෙ ඇවිත්.

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. වැටකින් කෙළවරවෙන බැඳීමුත් තියෙනවා.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  11. ටිකක් විතර හිතුවක්කාර කොල්ලෙක්ගේ රුපයක් තමයි මගේ හිතේ මැවෙන්නේ දුමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරෝමනී. එහෙම පුද්ගලයෙක්ටත් කාලෙකදි හැමදේම නැතිවුනාම පසුතැවීමකට ලක්වෙනවා නේද ?
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  12. ලස්සනයි...

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  13. Replies
    1. ස්තූතියි දිල් රූ.
      ආයුබෝවේවා කියලා පිලිගන්නවා...

      ජයවේවා!!!

      Delete

108. වසන්තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....

මල් කැකුළු පෙති පුබුදුවාගෙන පතුරනා මේ සුවඳමයි පිල් විදාගෙන මයුර මනරම් දසුන් නංවන රැඟුමමයි නිල් අහස්කුස ධවල මේඝයො පැද්දෙනා සුභ කාලෙමයි ක...