Friday, September 14, 2018

( 107 ). මෙමට මහමෙර සේය නුඹ මා ළඟ හිඳිද්දී හිනැහිලා.......



සඳට සඳ දිය සේල විහිදා සැරිසරන්නට තව වෙලා
හිරුට කියමුද කලින් නිදි දුව වැළඳ ගන්නට ළංවෙලා
නිලට සැරසී සරන තරුමල් සිරිය නෙතගින් බලබලා
ළඟට ළංවී හිඳිමු සොදුරියෙ සෙනෙහෙ පදවැල් මුමුණලා


එහෙට මෙහෙට පිණි බිංදු බෙදූමුත් සුළඟ නිතරම අප බලා
ගතට සිසිලක් කොහෙ දැනෙන්නද දෙසිත් ඇත උණුහුම් වෙලා
රැයට තුතිමල් අසිරි දෙමු අපි සොඳුරියේ සැනසුම් වෙලා
මෙමට මහමෙර සේය නුඹ මා ළඟ හිඳිද්දී හිනැහිලා........






( කිහිප වතාවක්ම " කෝ අලුතින් කවියක් ලිව්වෙ නැද්ද ?" අසමින් දුරකතන ඇමතුම් දුන් තල් අරණට පාපැදියෙන් යන අපේ " තට්ට අයියා " ගේ ඉල්ලීම නිසාම හදිසියේ ගැළපූ කවියකි...... )

27 comments:

  1. දුමී මොකුත් අලුතින් ලිව්වෙ නැති එක ගැන මටත් කල්පනා වුණා. මේ වගේ ලස්සන කවියක් දෙකක් නිතරම ලියන්න බැරිකමක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මාසයක් වගේ කාලෙකින් ලියන්න බැරි වුණා. වෙලාවයි විවේකයයි හොය හොය ඉඳලා අන්තිමේටම ලියන්නත් අමතකවුණා.
      ස්තූතියි හැලපේ.

      ජයවේවා!!!

      Delete
  2. මේක සාහිත්‍ය මාසේ බවත් මතක තියා ගන් දුමියා

    ReplyDelete
    Replies
    1. අමතකම වෙලා ගියා බන්. ස්තූතියි මතක් කෙරුවට.

      ජයවේවා!!!

      Delete
  3. කොහොමත් මේ දවස්වල දිවා කාලය දිගු වැඩියි.

    තට්ට අයිය පෝස්ට් එකක් දාල ඒක ඩිලීට් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කව්ද බං තට්ට අයියා මාගලාද

      Delete
    2. ඔව් ඒක හින්දමයි ඉරට කලින් නිදාගන්න කිව්වෙ.
      ඔව් මාත් දැක්කා " තට්ට ලිපිය " ඩිලීට් කරලා දාලා.

      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
    3. නෑ බං තට්ටයගෙ කොලම. අර කයෑක් පදින උන්දැ.
      https://thattayagekolama.blogspot.com/

      Delete
    4. තට්ට මහතා පාඨක කුතුහලය ඇති කරන්න වෙන්න ඇති

      Delete
  4. දුමීට ආපහු කවි ලියන්න මතක් වෙලා එහෙනං. සතුටුයි සතුටුයි

    ReplyDelete
    Replies
    1. අමතකවුනා නෙමෙයි කාලෙ ප්‍රශ්නයක් මල්ලී.
      ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  5. දිවිය තුල නෙක ගැහැට ඇත එය රැළි වගෙයි මහ සාගරේ
    සවිය සිත තුල තිබේනම් රළ මතින් දිවියම පාකෙරේ
    කවිය බිහිවන තිබිරිගෙය නොමවේ සියළු දින ආදරේ
    අවිය කින් සිත පලා ගියතැන උපත කවියකි ඈ කෙරේ

    බොහොමත්ම ස්තූතියි, ඔබට! තල් අරණට හෙට යනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ. ගමනට සුභ පැතුම්.

      ජයවේවා!!!

      Delete
  6. /හිරුට කියමුද කලින් නිදි දුව වැළඳ ගන්නට ළංවෙලා/
    සිතට හරිමදි තිත්ත කළුවර දස අතේ යයි පැතිරිලා
    ඔබට රහසින් සැඳෑ අහසේ මතුව හොරැහින් බල බලා
    සඳට පුළුවනි නොපෙනී ඉන්නට වලාකුළු වල සැඟවිලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  7. හිරුට කිවුවට කලින් නිදිදුව වැළද ගන්නට
    ලංවෙලා
    සදට සද දිය සේල විහිදා සැරි සැරී මුත්
    රැය පුරා
    රැයට උණුහුම දෙන්නේ කවුරුද මෙමා ඇත
    සුසුමන් සලා
    මගෙන් දුරට වී ඔබ හිදින්නේ ගව් ගණන්
    දුරකට වෙලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්නේහයේ වැට.
      ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
    2. තුති වේවා දුමී ඔබටත් .

      සමාවෙන්න කොමන්ට් නොකර වැටක් බැන්දට ඒ වෙලේ .

      ජය වේවා ඔබටත්

      Delete
    3. ජයෙන් ජයවේවා!!!

      Delete
  9. බොන්ඩ ගිය නිසා මෙහෙ එන්නත් බැරි උනා කලින්ම he he..... හැමදාම වගේ කවි කම්නම් අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... දැන් මේ ඇවිත් තියෙන්නේ හොඳටම මත්වෙලා වෙන්න ඕනෙ... හැක් හැක්....

      ස්තූතියි සඳූ
      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි යාත්‍රා.

      ජයවේවා!!!

      Delete
  11. //එහෙට මෙහෙට පිණි බිංදු බෙදූමුත් සුළඟ නිතරම අප බලා
    ගතට සිසිලක් කොහෙ දැනෙන්නද දෙසිත් ඇත උණුහුම් වෙලා //


    හරිම රහයි ඒ වචන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...