Saturday, September 22, 2018

108. වසන්තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....




මල් කැකුළු පෙති පුබුදුවාගෙන පතුරනා මේ සුවඳමයි
පිල් විදාගෙන මයුර මනරම් දසුන් නංවන රැඟුමමයි
නිල් අහස්කුස ධවල මේඝයො පැද්දෙනා සුභ කාලෙමයි
කල් බලා සිටි සොය සොයා ගිය වසන්තයනම් මෙයමමයි


නෙතින් නෙතගින් පාන ඉඟි බිඟි හදවතින් දුටු රුසිරුමයි
අනන් තයකට එහා විනිවිද දිලෙන්නෙම එම සෙනෙහෙමයි
ගතින් විඳිනට සැහැල්ලුවකට වරම් ලැබගත් මොහොතෙමයි
වසන් තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....

20 comments:

  1. බොහොම අපූරු පද ගැලපීමක් දුමී. සතුටකින් ලියපු කවි දෙකක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපෙ. ම්ම්... සතුටින් තමයි ලිව්වෙ.

      ජයවේවා!!!

      Delete
  2. හප්පේ.. වසන්තයා හොයා ගන්න විඳල තියෙන වදයක්. හැක්..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... වදෙන් හරි හොයාගත්තම දැණෙන සතුට ගොඩායි නේද ?

      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  3. ආදරේ කුරුණෑගල වගේ කියල පොතකුත් එයිද මන්දා

    ReplyDelete
    Replies
    1. අද උදෙත් "දයාවී" තුමා එහෙව්වෙත් ඔය ගැනම තමා. පොතක් කරන අදහසක් තියෙනවා අයියේ. ඉදිරියේදී බලමු. " ආදරේ කුරුණෑගල " ඒකත් හොද ගැළපුමක්.
      ස්තූතියි අයියේ.

      ජයවේවා!!!

      Delete
  4. හරිම ලස්සන පද ගැලපුමක්.. අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  5. ලස්සන පද පෙළක් දුමී . ජයවේවා

    ReplyDelete
    Replies
    1. ආගන්තුක ඔබට ස්තූතියි.

      ජයවේවා!!!

      Delete

  6. අනේ මන්දා මටනම් හිතෙනවා ඔයාට මේක මීටත් වඩා ලස්සනට ගලපලා ලියන්න තිබුනා කියලා..

    ReplyDelete
  7. එහෙමද ? වෙනදා වගේ කල් අරන් ලියවෙන කවි නෙමෙයිනෙ සඳූ. අඩුපාඩු ඇති. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  8. හරිම ලස්සණ පදපෙළක් දුමී . හැබැයි හදිස්සියේ ම ඉවර කරලා වගේ නේද .

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ. හදිසියෙන් තමයි ලිව්වෙ.

      ජයවේවා!!!

      Delete
  9. //ආදරේ කුරුණෑගල වගේ කියල පොතකුත් එයිද මන්දා// යනුවෙන් අජිත් ධර්මේ සහෘදයා (ඉහල) අසා තිබෙනවා නේද?
    මට හිතෙන්නේ ඔබගේ කවි සංකල්පනා වලට 'ආදර වසන්තයට නව අරුතක්' කියා යෙදුවොත් තවත් ගැලපෙනවා වගෙයි. වසන්තය (spring) නමැති ගත සිත දෙකම සන්තර්පණය කරන, සිසිලස සහ උණුසුම එකාකාරව ලැබෙන, ගස්වැල් මල්වලින් පිරි තිබෙන ඍතුව නියම ආකාරයට දකින්නට ලැබෙන්නේ ඍතු විපර්යාසය පැහැදිලිව තිබෙන රටවලයි. සමහරවිට ඔය වගේ කවි සංකල්පනා පහලවන කුරුණෑගල ප්‍රදේශයත් දැන් ඒ සෞම්‍ය දේශගුණික කලාපයක් වෙලා වෙන්නට ඇති.
    කවි පිළිතුරක් පසුව ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අදහසටත් මෙහි ආවටත් ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා !!!

      Delete
  10. හදිස්සියක සුළගකින් අවුල් කර ගත් කෙහෙරැල් ඇතිව වුව මේ කවි යුවතියන් දෙදෙන පානා සෙනෙහෙබර සිනාවට වසඟ වන්නට කාට නම් නොසිතේද?

    අපූරුයි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete
  11. වැටෙන වැසිපොද අරන් හනිකට
    දළුලනා මේ තුරුලතාවන්.......
    කුරුළු කූජන නදින් හනිකට
    පිපෙන මේ මල් සිරි සොබාවන්........
    වසන්තය සේ මගේ හදවත
    පිපෙයි මල් මල් සිනාවන්.........
    මම නුබේ වන නුබ මගේ වන
    මේ වසන්තය වාසනාවන්........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...