Monday, October 1, 2018

( 109 ). මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....


පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන
පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන
යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගිය දින
ඈය මගෙ ලොව නොමැති මොහොතෙදි තව තවත් ගිණි ඇවිළෙන


අතී තෙක සිහිවටන කුසුමන් එකින් එක පෙති පුබුදන
එතී දැවටෙන ලතාවක් හද මඩල නිබඳව කළඹන
පතී යුවතී වරම් ලැබුමට ප්‍රථම මෙලොවෙන් නික්මුණ
සිතී මෙන් තව තවත් රතුවී දෙනෙත් කඳුලින් නලියන


ආත් මෙක බැඳි සසර සෙවනැලි සෙනෙහෙ දෝතක් සමගින
ඈත් වන සඳ හිස් අහස්ගැබ දුක් අදෝනා විමසන
දෑත් එකිනෙක පැටලි මිමිණුව අපේ සෙනෙහස පෙරදින
මාත් සමගම සිහිතබාගෙන හූල්ලයි පෙම් පුදසුන.....


.

30 comments:

  1. හනේ මන්දා ඉතිං... ලැබීම් වල අඩු හොයන එකයි, නොලැබීම් වලට හූල්ලන එකයි නෙව ජීවිතේ කියන්නෙ...

    හැමදාම වගේ බෝම ලක්ෂණයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.
      ස්තූතියි සක්කාය දිට්ඨි.

      ජයවේවා!!!

      Delete
  2. හරිම ලස්සනයි දුමී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  4. හැමදාම වගේ හරිම ලස්සනයි දුමී .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  5. ආත්මෙක පටලැවී තිබු අත්
    ගිලිහිලා...
    සසරෙ බැදි සෙනෙහසම පුදසුනේ
    තනිවෙලා....
    වප් පෝයෙ එක්වෙන්න තිබු හිත්
    වෙන්වෙලා...
    වෙන් වෙන්න සිදු උනේ මගේ පව්
    වැඩිවෙලා......

    ReplyDelete
    Replies
    1. ලස්සන පිළිතුරු කවියට ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete
  6. අන්න මේකනම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. එලොව මෙලොව වෙන් වෙන වැට.
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  8. කතා කර කර ඉන්න ආසයි මමත් නුබෙ උණුහුමට ගුලිවි
    පතාගෙන ආ සිහින ගොන්නක සතපවා පපුතුරට හිසදී
    ලතාවක් කර තුරුලු වෙන්නට එදා සනහස මතක් කරදී
    වතාවක් නොම ඉතිරිවිය සද දිවිය තන අග පිනි බිදක් වී

    ReplyDelete
    Replies
    1. නයන්න පැටලුනාද මන්ද බ්‍රෝ

      Delete
    2. ගොඩක් දවසකට පස්සෙ ලස්සන පිළිතුරු කවියක් අරන් ආවට ස්තූතියි බ්‍රෝ.

      ජයවේවා!!!

      Delete
  9. පදයේ මුල සහ අග එළිවැට තබා ඇති මේ කවි ටික නම් මරුය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ.

      ජයවේවා!!!

      Delete
  10. කලක සිට එන සිතුම් ජාලය දෙපැත්තම දෙස ඉඟි මරයි
    මලක මුදු බව එක්‌ වතාවක තිබි යලි එය දැන් දුරයි
    සිතක සොම්නස සමග දොම්නස වරින් වර මෙහි සැරි සරයි
    හදක ඇතිවන පෙම් පැතුම් මේ ලෙසට දුටුවිට දුක වරයි.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් දෙන මේ පිළිතුරු කවියට ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  11. ෝක ළමා දිනය අයියා. වැලන්ටයින් නෙවෙ..
    අපූරු කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. දුක සතුට දැනෙන්න කාලයක් දිනයක් නැහැ මලයා.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  12. මේක මරු කවියක්..ලස්සනයි.❤️❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  13. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ද. ඒ වගේම අලුත් බ්ලොග් එකට සුභ පැතුම්. දිගටම ලියන්න.

      ජයවේවා!!!

      Delete
  14. Replies
    1. ස්තූතියි සලිත.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...