Tuesday, January 8, 2019

(113). නුඹේ දඟ දෙන නෙතඟ බැල්මක වශිය දුටු මුල් දිනමය.....

එබේ තුරු මල් සිනහ රඳවා බලන්නේ නුඹ දෙසමය
ගැබේ ගුවනේ සුවඳ පැතිරී වහින්නේ මල් වැහිමය
නුඹේ දඟ දෙන නෙතඟ බැල්මක වශිය දුටු මුල් දිනමය
ඉබේ සලිතව රඟන මේ හිත දුවන්නේ නුඹ වෙතමය


සීත උතුරන දුරුතු මහ මැද ගුවන දිදුළන නිලමය
ඈත සිට පිණි බිඳිති විසිරී බෙදන්නේ තව පෙමමය
පාත අත්තක ලිහිණි ජෝඩුව බලන්නේ අප දෙසමය
දෝත පැටලී විඳින උණුහුම තව තවත් මට මදිමය


නැගේ සසරක පුරුදු මතකය එදත් නුඹ මා ලඟමය
අගේ කර කර සෙනෙහෙ කොඳුරපු සුවඳ හදවත මතමය
මගේ අහසෙහි දිදුලමින් සිටි චාන්දනියද නුඹමය
නගේ එක්වෙමු එක කැදැල්ලක සොඳුරු දින අද හෙටමය.....

15 comments:

  1. හරියටම කවදද?

    ReplyDelete
    Replies
    1. ළඟදිම ළඟදිම.
      ස්තූතියි ප්‍රා. ජේ. ඉක්මන් ප්‍රතිචාරයට.
      ජයවේවා!!!

      Delete
  2. my congratulations Dumi!
    Cheers !

    ReplyDelete
  3. අපිටත් කේක් කෑල්ලක් කන්න පුලුවං වෙයි එහෙනං.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්. ආවොත් දෙන්නම්..
      ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  4. ජෑ මන්ගලම්

    - ජේ මා කාලී ජිනේ දිනේ -

    ReplyDelete
    Replies
    1. කොහෙ ගියත් මොනවා කෙරුවත් මකරෙක් ඉන්නවනම් මරුම්න්.
      ස්තූතියි මකරෝ.
      ජයවේවා!!!

      Delete
  5. මංගලම් ජය මංගලම්!
    වේවා සිරි සුබ මංගලම්!

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි.
      ස්තූතියි මල්ලි.
      ජයවේවා !!!

      Delete

  6. ගගන පිරුවට ඇදෙන මේඝයේ ආදරේ නිල් සේලය.
    වනය කලතා සියොත් මවනා හරිත ගොමු ගොමු නාදය.
    කඳුලු පිසලා සිනහ තැවරු පෙමම දේදුණු පාටය.
    පෙම ඇරඹිදා සිට දකින තැන් පිරෙන්නේ එක වුවනය..

    ඒ නුඹේ සුදු වුවනය....

    ReplyDelete
    Replies
    1. ආහ්. මේ කවිකමක අපූරුව. ලස්සනයි.
      ස්තූතියි අරූ.
      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ස්තූතියි සඳූ.....
      ජයවේවා!!!

      Delete
  8. හරිම ලස්සනයි දුමී

    ReplyDelete

(113). නුඹේ දඟ දෙන නෙතඟ බැල්මක වශිය දුටු මුල් දිනමය.....

එබේ තුරු මල් සිනහ රඳවා බලන්නේ නුඹ දෙසමය ගැබේ ගුවනේ සුවඳ පැතිරී වහින්නේ මල් වැහිමය නුඹේ දඟ දෙන නෙතඟ බැල්මක වශිය දුටු මුල් දිනමය ඉබේ සලිතව ...