Friday, May 13, 2016

මම රැවටුනා ඔය සුන්දර හිනාවට

හීන් හඩින් නුඹ අමතන              කතාවට
වසග වුනා ඔය සුන්දර                ලතාවට
තොල් පෙති අතර දිලිසෙන මුතු මනාවට
මම රැවටුනා ඔය සුන්දර             හිනාවට

මතකය සුන්දරයි සිහිවෙන විටදි බිදක්
සතුට දරන්නට බෑ හදවතට    ගොඩක්
පළමු වතාවට මා නුඹ දුටුවෙ     දිනක්
සුවද සලා පිපී තිබෙන ඇහළ     මලක්

වැඩුනා සතුට නුඹ මා ලග ඉද්දි        ගොඩක්
ලැබුණා වගෙයි කතරට මල් වැස්සේ පොදක්
දුවනා මුවෙක් හට දැනුනද දැඩි     වෙහෙසක්
දැණුනා මිරිගුවත් දිය පිරි නීල              විලක්

නොදැක ඉන්න බැරි විටකදි නුඹව    නගේ
සිතුනේ නුඹ මලයි මම එහි සුවද        වගේ
සිහිනය තුරුලු කර ගෙන මම හිටියෙ අගේ
හැරදා ගියාදෝ සුන්දර ආලෙ             මගේ

10 comments:

  1. කෙටි රහ කවියක් :) 

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හන්සි.

      ජයවේවා !!!

      Delete
  2. Replies
    1. ස්තූතියි දිනෙශ්.

      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. අහෝ මමත් තනිවෙච්චී.

      ජයවේවා !!!

      Delete
  4. Replies
    1. ස්තූතියි සහෝ..

      ජයවේවා !!!

      Delete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !!! ඔයාද චිත්‍රය ඇන්දේ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංකල්ප. ඕක හදිස්සියේ කුරුටුගාපු චිත්‍රයක්.

      ජයවේවා!!!

      Delete

108. වසන්තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....

මල් කැකුළු පෙති පුබුදුවාගෙන පතුරනා මේ සුවඳමයි පිල් විදාගෙන මයුර මනරම් දසුන් නංවන රැඟුමමයි නිල් අහස්කුස ධවල මේඝයො පැද්දෙනා සුභ කාලෙමයි ක...