Thursday, May 3, 2018

හුස් ම නැතිවද රැඳුනෙ සොඳුරියෙ කිමද යන්නට කාරනා


ඇස් දෙකට පෙම මතක තවරා කඳුළු මුතුකැට උතුරනා
හිස් අහස්කුස සුසුම ගවසා අඳුරු හදවත පාරනා
රස් නෙ නැතිමුත් නිසල සිරුරම සිසිල නිබඳව මෝරනා
හුස් ම නැතිවද රැඳුනෙ සොඳුරියෙ කිමද යන්නට කාරනා


වැස් ස වැටුනද නිහඬ බව මිස කොහෙද ඒ හඬ රැව්දෙනා
ලස් සනක් කර තිබූ සිහිනයෙ මාළිගා ඉන් බොඳවෙනා
ගස් ස ගස්සා මුකුළු කරලා නැතිකරත් හිත් වේදනා
දොස් කියන්නට හිනා වෙන්නට කෝ මගේ පණ වෙන්වෙනා


තිස් වසක් දිවි සුසුම අවසන සුවඳ කුසුමන් පරවෙනා
අස් තිරයි නම් ලොවේ ඇයි අප භවෙන් භව යළි ලංවෙනා
රැස් විදාලන හිරුද සඳු හා අප නමින් දැන් පේවෙනා
වස් නොවී මතු සසරෙ එක්වෙමු ඔබ නමින් මම වන්දනා......

39 comments:

  1. හැමදාම වගේ ලස්සන කවි පෙළක්

    ReplyDelete
  2. ඉස්සරම දුටු සිනා අහුරක් මතකයේ තව රැව් නැගේ
    ලස්සනම මල් අතර තාමත් නුඹේ සුවදම සුවද දේ
    වැස්සකට සේදිලා ගියමුත් පාට අපගේ සිහිනයේ
    හිස්තැනක් මම තියා ඉන්නම් නුඹෙන් පමණක් පිරෙනසේ.....

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකෙන් මුතු සිහින දකිනෙමි මතක සැමදා රැඳෙන සේ
      උස් අහස්කුස වළාකුලකට තුරුළුවී ඉමි පවන සේ
      පස් පිඩක් යට මතක සිරවී වැළලුනත් පෙර පව ලෙසේ
      හිස් තැනම තව තබාගනු මැන දිනක එමි සිහිනයක් සේ...

      ලස්සන පිළිතුරක්.
      ජයවේවා!!!

      Delete
  3. අපූරුයි කවිකම දුමී.!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දික.

      ජයවේවා!!!

      Delete
  4. අනේ දුමි, ගොඩාක් දුක හිතෙනවා ඒ කවී ටිකට නම්. පිළිතුරු ලියන්නේ කොහොමද? දුක වැඩියිනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී. කවිය දැණුනනම් සතුටක්. බැරි නැහැ. උත්සාහ කෙරුවොත් ලියන්න බැරි නැහැ.
      බ්ලොග් එකක් නැද්ද ඉරෝමනී?

      ජයවේවා!!!

      Delete
    2. ඔයාලා ලියන ඒවා කියවලා මම ගොඩාක් සතුටු වෙනවා. මට බ්ලොග් එකක් නෑ දුමි.

      Delete
    3. සතුටුයි සතුටුයි.
      අලුත් බ්ලොග් එකක් හදාගන්න.


      ජයවේවා!!!

      Delete
  5. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. තඩි වැටක් ගැහුවට වෙලාව ආවාම යන්න වෙනවා.
      ස්තූතියි තඩී...
      ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  6. ලස්සනයි දුමී!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපෙ.

      ජයවේවා!!!

      Delete
  7. ++++++++++ වැටක් ගහන්න පුරුදු උන.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ප්‍රවීනයන්ගෙ අඩි පාරෙ යනවා වගේ....
      ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  8. එළ! කට නලියනවා කවි කොමෙන්ට්ටෙකක් කොටා ගන්න නැතුව.. :/

    ReplyDelete
    Replies
    1. නලිය නලියා ඉන්නෙ නැතුව කොටහන් ඉතින් අපිතත් කියවන්න!

      ස්තූතියි කමී.
      ජයවේවා!!!

      Delete
  9. අඩි හයක් යට සැඟවුනද ඔබ
    මටත් නොකියා වන්දනා
    මල් කිනිති වරුසාවකින් වැසී ඇත අද අපේ පෙම මා සුරඟනා
    බවෙන් බවයේ හමුනොවෙමූ අප ගෙනේ නම් මේ වේදනා
    දමා යන්නට බෑම කිව් ඔබ ඇයිද සැඟවී වන්දනා....!

    ReplyDelete
    Replies
    1. තැවෙන හිත් මත සෝ සුසුම්වැල් යළි යළිත් සිහි කැන්දනා
      නිවෙන සතුටම සසරෙ සැමදා නෙතට කඳුලක් පුරවනා
      තියන තියන හැම පැතුම් මලකම නුඹෙ නමම යළි රන්දනා
      ලබන භවයක ඉපිද ලංවී හිඳින්නට මේ වන්දනා....

      ස්තූතියි චෙෆාකී.
      ජයවේවා!!!

      Delete
  10. මහ හුඟක් පෙම හොවා පපුතුර සත්තකින් මම පෙම් කලා
    ඔබට ඒ බව නොහැගුණු පව අදත් යයි නෙතඟින් ගලා
    හිතුවෙවත් නැති තරම් කලියෙන් ඔය හිතෙන් මා ගල වලා
    ඉතින් සැඟවී ගියපු පසු මේ කුමට ඔය හැටි දුක් වෙලා

    ReplyDelete
    Replies
    1. කර දරයි ලොව සුපෙම්බර හිත් ලංව යළි යළි වෙන්වෙලා
      වර දවා ඇයි සිතුවෙ සොඳුරියෙ හදවතින් මා පෙම්කලා
      දුර නොවේ නුඹ ලගම ඉන්නට සෑමදා මම ප්‍රියවෙලා
      ඉර නිදන මේ මොහොතෙදිත් මට යන්න හිතනෑ වෙන්වෙලා....

      ස්තූතියි සඳූ..
      ජයවේවා!!!

      Delete
  11. Replies
    1. ස්තූතියි රෝමා.

      ජයවේවා!!!

      Delete
  12. ඇත්තටම ඇස් වලට කඳුළු ආවා කවි ටික කියෙව්වම .....

    එතරම්ම සාර්තකයි දුමී. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කවිය දැණුනානම් සතුටක් සඳවතිය.

      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  13. හද විලේ පිපි සෙනෙහෙ සපුරා - භවේ පැතුමන් මෝරනා
    ඔබේ උණුසුම සිතේ රැදිලා - සිසිල් සියොළග සුව දෙනා
    ගිලෙන හිරුමල ක්ෂිතිජ නිම කොන - හෙට දිනේ යළි පායනා
    අදට සමු දී නුදුරු භවයක - හිමියනේ අප හමුවෙනා



    හැගුම් බරයි දුමී. සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නිද න්නට බැහැ රැයේ සිහිනය නිතර නෙත මත ලංවෙනා
      හද වතේ ලේ නහර විනිවිද දුක් සුසුම් රැල් පාවෙනා
      සඳ මඩල යට පෙම් හිතක් පෙර සතුටුවූ හැටි සිහිවෙනා
      අද නැතත් යළි භවේ නිසැකව සොඳුරියේ අප හමුවෙනා....

      ස්තූතියි පොලියානා.
      ජයවේවා !!!

      Delete
  14. හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පවන්.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි අක්කෙ.

      ජයවේවා!!!

      Delete
  16. ස්තුතියි දුමී,
    හද වතේ ලොකු බරකි ඇත්තේ ටිකින් ටික එය අඩු වෙලා යයි
    අද වගේ යලි උදාවන යම් දිනක හසරැලි මුව පිරි යයි
    මද හසක් වත් ලැබුණු මොහොතක සියලු දොම්නස් තුනී වි යයි
    ලද දෙයින් මිහිරක් ලැබීමෙන් පැරණි වස් දොස් වහා නැති වෙයි

    ඔබට ජයම !

    ReplyDelete
    Replies
    1. සඳ එළිය ඇති රෑක නිතරම උතුරලා තිබු ප්‍රේමයයි
      පද එකින් එක ගැළපි ගැළපී තාලෙ මිමිනූ ස්නේහයයි
      ඉඳ හිටක හෝ දුරින් සිටිවිට සුසුම් නැගි ඒ ප්‍රේමයයි
      ලද දෙයින් සැනසෙන්නෙ කොහොමද මගෙ දිවිය ඒ ආලයයි....

      ස්තූතියි ඔබතුමාට.
      ජයවේවා!!!

      Delete
  17. එදා මෙදාතුර ගීතයේ වගේ අකාලයේ ප්‍රේමිය / ප්‍රේමයා සමුගත් නිසාවෙන් ජීවිතේ තුරාවටම වේදනා විඳින ජීවිත බොහෝමයි දුමී.

    රයිටර් කියලා ලියන බ්ලොග් එකේත් මම දකින්නේ එවැනි වේදනා බර අකුරු !
    මේ කවියත් පට්ට වේදනාත්මකයි . .

    කියවන අපිව සසල කරන තරම්ම වේදනාත්මකයි . .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා.
      එදා ඉදන්ම උඹෙන් ලැබෙන අදහස් වටිනවා.

      ජයවේවා!!!

      Delete

( 103 ) ගලා නොබසින වැව් දියේ හිඳ හැඬුවෙ කිම කඳුළක් තියා......

වලා පෙල දම් පැහැයෙ හැඩ ගෙන එකින් එක එහෙ මෙහෙ නොයා මලා නික වූ වයඹ අහසෙම කඳුළු අමුණයි දුක තියා පලා යන්නේ ඇයිද සියොතුනි විරහ තනුවක ගී ගයා මු...