Sunday, May 27, 2018

පිපුන පෙතිවල පැහැය ගිය පසු විරහ ගී කුමටද ගොතා........


වැටෙන වැහි නිඳු
වැළඳගෙන වත
සොඳුරු බව නිති සිත සිතා
පිපුන පෙතිවල
පැහැය ගිය පසු
විරහ ගී කුමටද ගොතා


සරන බිඟු තුඩ
රොනට ලොබ බැඳ
පැමිණියද රස සොය සොයා
දිරන පැහැයක
මලක් දැක දැක
නො.එයි මල් වරුණා කියා


දුවන බිඟුමය
මලට පෙම්ගී
ගයනුයේ පද වැල් ගොතා
දැවෙන හැඟුමක
සුවය මොහොතකි
කිමද ඒ ස්වරයම පතා......

40 comments:

  1. පොස්ටුව Lassanai . ස්තූතියි දුමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ.

      ජයවේවා!!!

      Delete
  2. මල් නේද....

    අගෙයි පදවැල.

    ReplyDelete
    Replies
    1. හ්ම්. මල් මල්...
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  3. ඒක නම් සුපිරි......ජයවේ වා දුමී . හැබැයි;

    මිලින මල් මත
    උඳුල පෙම් වත
    පැහැය යළි ගෙන එන තුරා ....
    ගොතපු ගීයක විරහ සුව දැක
    බවුන් වඩනට යනු එපා .......

    ReplyDelete
    Replies
    1. අපූරු අව්වාදෙටත් මෙහි පැමිණීමටත් ස්තූතියි පොලියානා.
      ලස්සන පිළිතුරක්.

      ජයවේවා!!!

      Delete


  4. දිලෙන තරුවැල් අහස් කුසයේ වලාකුළකට යයි වැසි
    කිරණ හිරුගේ වැටෙන විට ඒ දෙකම මොහොතින් පසු බසී
    දරන අදහස එසේයයි සලකමින් කුහුලක් නැති කිසී
    සහන ඔබවෙත ලඟාවේවා මියුරු ගී හඬ ඇසි ඇසී

    ReplyDelete
    Replies
    1. පිනන ගත සිත මොහොතෙ ලද සුව පෙනෙනවා තාමත් දිසී
      දැනෙන මොහොතෙදි මතක්වෙයි යළි මිමිණු ගී පදවැල් ඇසී
      මැවෙන පැහැබර අනාගතයක ගුවනෙ බැබළෙනු ඇත සිසී
      කරන පැතුමට අනුව ඉන්නෙමි වහිනතුරු පෙම් මල් වැහී.....

      ලස්සන කවියටත් මෙහි පැමිනීමත් ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  5. දුවන බිඟුමය
    මලට පෙම්ගී
    ගයනුයේ පද වැල් ගොතා
    දැවෙන හැඟුමක
    සුවය මොහොතකි
    කිමද ඒ ස්වරයම පතා......

    මාරයි දුමී. හරිම අර්ථාන්විතයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ...

      ජයවේවා!!!

      Delete
  6. මලක පෙති මත රැඳුනු රුව නොව සුවඳ රැඳි නල වෙත බැඳී
    සිතක කිසි දින ජනිත නොමවෙයි පැහැය සිඳුනට එහි රැඳී
    වතක හැඩ ගුන සිඳී යනදින ඉතිරි වන දෙය සුව සැදී
    මතක නොමවෙන සුවඳ මිස රුව නොවේ ඇති හද තුල වැදී

    ReplyDelete
    Replies
    1. දිනන හදවත පුරාවට පෙම් සුවඳ ඉහිරී ඇත රැඳී
      දුවන බඹරුට කුමට සුවඳක් එකම මල මත නැත රැඳී
      තැවෙන තැවෙන මල සෑම මොහොතෙම හදවතින්ම යයි තව ඇදී
      තියන මතකයෙ සුවඳ මලකට කිසිම දින යනු නැත ඇදී...

      ස්තූතියි ඔබටත් මෙ පිලිතුරු කවියටත්.

      ජයවේවා!!!

      Delete
  7. ගීතයක් විලස ගීතවත්

    ජය දුමී

    ReplyDelete
    Replies
    1. ඉල්ලීමකට ලියවුනු ගීත රචනාවක් තමයි. ඒත් තාමත් අවසන් තීරනයක් නැහැ.

      ස්තූතියි යාත්‍රා.
      ජයවේවා!!!

      Delete
  8. Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  9. දුවන බිගුමන්
    නොදුටු මල් කිම
    පලක් වේවිද පෙති විදා
    මලින් මලටම
    යනෙන බිගුමය
    බීජ සදනේ පැණි උරා
    පිපුන පෙතිවල
    පැහැය ගිය මුත්
    එහි වරුණ ලොවටම බෙදා
    යලිත් කැකුලක්
    සැණින් පුපුදයි
    බිගුගෙ වරුණය ලොවටම කියා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මී මැස්සෝ ගැන හිතලයි ලිවුවේ දුමි. අනිත් අය කියනවට වඩා වෙනස් අදහසකුයි මට ආවේ . හොද නැද්ද මන්දා..

      Delete
    2. හොදයි ඉරෝමනී. එක මාතෘකාවක තවත් පැත්තක් අගෙට ඔබ කවි කරලා. බ්ලොග් එකක් නොලියන එක අපරාදයක් ඔබ.
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
    3. දුමිගේ ආරාදනාවට බොහොමත්ම ස්තූතියි. මම බ්ලොග් එකක් ලියන්න ගත්තොත් මගේ අතින් කෙරෙන අනික් වැඩ අතපසු වෙයි කියලා බයයි. ඒකයි නොලියන්නේ දුමි.

      Delete
    4. ඔබේ කැමැත්තක්. ඒත් ඔය ලිවීමේ හැකියාව (කවි ) තියාගෙන නොලියා ඉන්න එක අපරාදයක් කියලයි හිතෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  11. සෙනෙහසක් ඇය වෙත උපන්නේ
    සියක් ගව් ගෙවු පසු නිසා,
    සුසුමකින් ලය ඉහිල් කොටගෙන,
    හැරෙමි ආපසු එන නියා,

    ReplyDelete
    Replies
    1. සැමරුමක් හදවතක රන්දා මදනලෙන් ඔබ ගැන අසා
      සැනසුමක් ගෙන බලා හිඳිමි මග එන බවක් දන්නා නිසා....

      ස්තූතියි අයියේ....
      ජයවේවා!!!

      Delete
  12. Replies
    1. මල රැකගන්න බැහැ ඔය වැටෙන්.
      දෙවෙනි වතාවටත් ස්තූතියි ප්‍රා. ජේ.

      ජයවේවා!!!

      Delete
  13. හැමදාමත් වගේ නියමයි දූමී අයියේ...
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී. හැමදාමත්වගේ ඔයාගෙ පෝස්ට් මග හැරෙනවා. වෙලාවක බලන්නම්.

      ජයවේවා!!!

      Delete
  14. දුමි ලිව්වා නම් මොකද ඉතින්, ලස්සන නිසඳැසක් . ප්‍රතිචාර වල තියන කවිත් මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ.

      ජයවේවා!!!

      Delete
  15. Replies
    1. ස්තූතියි රෝමා...
      ජයවේවා!!!

      Delete

108. වසන්තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....

මල් කැකුළු පෙති පුබුදුවාගෙන පතුරනා මේ සුවඳමයි පිල් විදාගෙන මයුර මනරම් දසුන් නංවන රැඟුමමයි නිල් අහස්කුස ධවල මේඝයො පැද්දෙනා සුභ කාලෙමයි ක...