Sunday, June 17, 2018

සතුටයි සතුටයි දුමියට සතුටයි දුමියගෙ බ්ලොගයේ ලිපි සීයයි....


නහවයි නහවයි දිනකර පායා නිල් විල් ජලයම හරි සීතයි
සුවඳයි සුවඳයි සියපත් පිපිලා සුවඳ විඳින්නට හරි ආසයි
මුමුණයි මුමුණයි සියොතුන් අතු අග මුමුණන ගීතය මනමාලයි
සුභමයි සුභමයි සුන්දර අද දින පරිසර සිරියම රැඳි පාටයි


සුසුමයි කඳුලයි පදවැල් බැඳුනයි නිමැවුණු නිමැවුම හද ගාවයි
කවියයි ලිපියයි කෙටිම කතාවයි තාලය ඇති ගී රචනාවයි
වසරයි වසරයි දෙවසර ගෙවුණයි මතක විඳින්නට මට ලෝබයි
සතුටයි සතුටයි දුමියට සතුටයි දුමියගෙ බ්ලොගයේ ලිපි සීයයි....


ජීවිතේට එන පුංචි පුංචි සිදුවීම් පුංචි වෙලාවක් අරන් පුංචියට හරි සමරන්න ඕනේ. මගේ සීයා තමයි මම පුංචි කාලෙදි එහෙම කිව්වෙ.

ඉතින් "දුමී" ගෙ බ්ලොග් එකේ ලිපි සීයක් වෙන අද දවසත් මේ විදිහට සමරන්න ලැබීම සතුටක්. ලිපි සීයක් ලියන්න දුමීට අවුරුදු දෙකකුත් ටික දවසකුත් ගියා. මේ කාලෙ පුරාවට "දුමී" සමග රැඳී සිටි හැමෝටම ස්තූතියි...

ඉදිරියටත් ඔබේ ප්‍රතිචාර වටිනවා බොහොම.
ඔබ සැම
" පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී..."


ජයවේවා!!!






.

36 comments:

  1. දුමී දුමී දුමී
    දුමී දුමී දුමී
    දුමී දුමී දුමී
    දුමී දුමී සීයයි දුමී

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇනෝ ඇනෝ
      ඇනෝ ඇනෝ ඇනෝ
      ඇනෝ ඇනෝ ඇනෝ
      ඇනෝ ඇනෝ ස්තූතියි ඇනෝ....

      ජයවේවා!!!

      Delete
  2. සතුටුයි සතුටුයි මට හරි සතුටුයි
    අවුරුදු දෙකකට ලිපි සීයයි
    දිගටම ලියන්න ඔබ හට ලැබදෙයි
    දිරි හා ශක්තිය හැමදාමයි

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි මට හරි සතුටුයි
      සීයක් ලිව්වට මට සතුටුයි
      ස්තූතියි ස්තූතියි පැතුමට ස්තූතියි
      ඔබ මෙහි ආවට මට සතුටුයි...

      ජයවේවා!!!

      Delete
  3. ලිපි සීයක් නෙවෙයි ලිපි 1000000000ක් විතර ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    සුභපැතුම් දුමී

    ReplyDelete
    Replies
    1. හැකි තරමක් ලියන්නම්.
      ස්තූතියි තරිඳු..

      ජයවේවා!!!

      Delete
  4. සතුටුයිනෙ සීයට
    අවුරුදු දෙකෙන් ආවට
    ඉක්මණින් දෙසීයට
    යන්න හැකි වේවි දුමියට.

    ReplyDelete
    Replies
    1. කවියකින් සීයට
      සුභ පැතූ හැලපෙට
      දෙමිය තුති මල් මිට
      යළිත් එනු මැන මගේ බ්ලොගයට...

      ජයවේවා!!!

      Delete
  5. කොලුවා හරි දක්ෂයි
    ලියන කවි පද මාරයි
    ගත සිත පිනා යයි
    කවි ලියන්නේ අපේ දුමියයි

    100 ට 1000 ලිපි ලියන්න ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ටෙක් ලොවේ සයුරයි
      ඇවිත් සුභ පැතුවයි
      සතුටු මල් පිපුණයි
      ස්තූති දෙන්නේ ඔබේ නමටයි....

      ජයවේවා!!!

      Delete
  6. ගොඩක් කාලෙකින් මේ පැත්තෙ ආවෙ... විශේෂ දවසකනෙ ඇවිත් තියෙන්නේ... ඒකත් හොඳයි...

    වැඩි වැඩියෙන් කවි ලියන්න
    වැඩි වැඩියෙන්ශක්තිය දෛරය ලැබේවා...
    100ට සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩාක් කාලෙකට පස්සෙ නිර්මාණී ඇවිත් තියෙන්නේ හොඳ දවසක...
      ස්තූතියි නිර්මාණී...

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. ආ... මුණුපුරා එනකන් බලන් හිටියේ...

      ස්තූතියි අටං.
      ජයවේවා!!!

      Delete
  8. ලිපි සීයක් ඔබ ලිව්වත්
    හැම ලිපියම හරිම රසයි
    සිත පිරෙන්නෙ ඒ ලිපි කියවලයි දුමිතුමෝ//
    සීය දහස වන දින වැඩි ඈතක නොවේවා...සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. රහකට ලිපි මා ලිව්වත්
      මටනම් රහ මදි මදිමයි
      ඔබේ කමෙන්ට් වලිනුයි මේ " දුමී " රැකෙන්නේ
      ඉතින් මගේ ස්තූතිය පිළිගන්න මල්ලියේ....

      ජයවේවා!!!

      Delete
  9. සුබ පැතුම් දුමී..... තව ලියමු දිගට හරහට.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ....
      නිතරම දිරි දෙන ඔයාලා නිසාම ලියවෙයි...

      ජයවේවා!!!

      Delete
  10. Replies
    1. ස්තූතියි ඔබට. ආයුබෝවේවා කියලා " දුමී " ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  11. මගේ සුබ පැතුම් කොළුවෝ!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...
      අද වගේ දවසක ඔබේ පැමිණීම වටිනවා..

      ජයවේවා!!!

      Delete
  12. /සතුටයි සතුටයි දුමියට සතුටයි දුමියගෙ බ්ලොගයේ ලිපි සීයයි..../

    මටත් ලිපි ලියන්නට
    තල්ලුවක් ලැබුණි ඔබගෙන්
    දෙවසරකට කලින්
    මම සියය පසුකළා.

    මේ පැත්තේ එන්නට
    මද පමාවක් විය
    තාක්ෂණ දෝෂයකි.
    කමා වනු මැන මට

    ඔබේ ලිපි සියල්ලම
    හරවත්ය රසවත්ය
    තව තවත් ඉදිරියට
    ලියන්නට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මම ගැනත් දිනයක
      ඔබේ බ්ලොග් ලිපියක
      ලිවූ බව මා මතකෙක
      තිබෙයි තවමත් සතුටක

      බ්ලොග් ලොවක රසබර
      ලිපි ලියන හරබර
      ඔබ නිසා සුමිතුර
      දැණුම ඇතිවෙයි අප'තර

      ලිපි සියය සමරමී
      තව තවත් ලියනෙමී
      නුඹව සිහි කරනෙමී
      නිතර ස්තූතිය පුදනෙමී..

      ජයවේවා!!!

      Delete
  13. කවියක සරල සුන්දර බව විදගමී
    මිහිරිය රසය පිළිතුරකට හරවමී
    ලියනට තවත් කවි පද සවි බල ලැබී
    සියයට තව දෙසීයක් පතනෙමි දුමී!!!

    ReplyDelete
    Replies
    1. සුන් දර දිනේ මෙහි ආවට සතුටු වෙමී
      දුන් කවි පිලිතුරත් සතුටක් කියන්නෙමී
      මින් නොනැවති තව ලියුමට හිතන්නෙමී
      රන් දික නුඹට ස්තූතිය මම පුදන්නෙමී...

      ජයවේවා!!!

      Delete
  14. සුබ පැතුම් !!

    " පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී..."

    මොනවගේ පානද? කවදද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රා. ජේ.
      හැම දෙනාම මේ පැත්තට ඇවිත් අදහස් දක්වා පෙන්වන සුහදතාවයට " දුමී " කැමතියි කියලයි කිව්වෙ.

      ජයවේවා!!!

      Delete
  15. විරහව සෙනෙහස කැටි වුනු ඔබගේ
    කවිය දකින්නයි මම ආසා
    සියොතුන් මුමුණන මනමාල කතා ඔබ
    කවියක් කර බ්ලොගයට ගෙන ආවා
    දුමියගෙ කවි දැක මටත් ලියන්නට
    හොද හොද පදවැල් හිතටම ආවා
    සියය පිරුන දා බ්ලොගයට ගොඩ වී
    සුබ පැතුමට මා හනිකට ආවා........

    ReplyDelete
    Replies
    1. නිදන් ගතවූ සිහින සිතුවිලි පද මැවෙයි දුක විරහවේ
      කියන් නට කෑ ගසා නොහැකි තැන කවි කෙරූවෙමි බ්ලොග් ලොවේ
      බලන් නට ආ ඔබගෙ අදහස් දුටුවිටදි ඇති වෙයි සුවේ
      බෙදන් නෙමි තුති මල් මිටක් මම ඔබට මේ ලෙස කවි ලොවේ....

      ජයවේවා!!!

      Delete
  16. Replies
    1. ස්තූතියි රෝමා...

      ජයවේවා!!!

      Delete
  17. 100ට සුභපැතුම් .වැඩි වැඩියෙන් කවි ලියන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළණ...

      ජයවේවා!!!

      Delete
  18. සුබ පැතුම් දුමී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි...

      ජයවේවා!!!

      Delete

108. වසන්තය සේ නම් ලබන්නේ මමයි මගෙවන නුඹමමයි.....

මල් කැකුළු පෙති පුබුදුවාගෙන පතුරනා මේ සුවඳමයි පිල් විදාගෙන මයුර මනරම් දසුන් නංවන රැඟුමමයි නිල් අහස්කුස ධවල මේඝයො පැද්දෙනා සුභ කාලෙමයි ක...