Saturday, October 20, 2018

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත
තැවරුනු මුදු සුමුදු සුවද


හිත පුරාම විද ගන්නට
සදා කල්හි එක විලසට


රේණුව අග පරාග සේ
පිරිලා ඇති සොදුරු සිහින


මද සුලගේ පාව යන්න
ඉඩ හරිනෙමි හෙමින් සැරේ


පාට පාට පෙති විහිදුන
රෝස කුසුම් ලග හිදගෙන


පෙති මත ඇති සුමුදු පහස
පිරිමදිමින සැහැල්ලුවට


රෝස සුවදෙ අනන්තයට
පිය නගනා මොහොතකදී


ආදරයට නුඹ සිහිකර
කවි කියන්න ආසයි මට........

22 comments:

  1. //රේණුව අග පරාග සේ
    පිරිලා ඇති සොදුරු සිහින//
    මෙන්න මේ යෙදුම මගේ හිත ගත්තා.

    හරිම අපූරුයි. සරලයි. රහයි.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය. මේක බ්ලොග් එක ආරම්බ කරපු දවස්වල ලිව්ව පරන එකක්.

      ජයවේවා!!!

      Delete
  2. දුහුලු මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි
    සියුම්ව ලීවා මා මගෙ පෙම් පණිවිඩය...

    ReplyDelete
    Replies
    1. පැමිණීමට ස්තූතියි.

      ජයවේවා !!!

      Delete
  3. සරලයි අපුරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ.

      ජයවේවා !!!

      Delete
  4. /රේණුව අග පරාග සේ
    පිරිලා ඇති සොදුරු සිහින/

    පරාගවල ජීව බලය
    කලංකයට ගෙනයන්නට
    හිතවත් සමනලයින් වෙත
    ඇරයුම් කරනෙමි හනිකට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට.

      ජයවේවා!!!

      Delete
  5. දුහුළු මලක මල් පෙත්තක
    එහා මෙහා නොයන පරිදි
    සිහින්ව ලීවා මම මගෙ පෙම් පණිවුඩය.

    ReplyDelete
    Replies
    1. ඕක මං දාල ඉවරයි ලොක්කා. හැක්..

      Delete
    2. ප්‍රසන්න කියන්නෙ ඇත්ත නේද? ස්තූතියි හැලපේ.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි සඳූ.

      ජයවේවා!!!

      Delete
  7. අන්තීම පේලි දෙකට මම ගොඩාක් කැමතියි දුමි. ගොඩාක්ම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරෝමනී.

      ජයවේවා!!!

      Delete

(110). ආදරයට නුඹ සිහිකර......

දුහුලු මලක මල් පෙති මත තැවරුනු මුදු සුමුදු සුවද හිත පුරාම විද ගන්නට සදා කල්හි එක විලසට රේණුව අග පරාග සේ පිරිලා ඇති සොදුරු සිහින මද ...