Monday, May 6, 2019

118. ලබන භවයක ලඟින් ඉමු අපි සුවඳ ගෙන රොබරෝසියා ............

ආත් මෙක බැඳි පුරුදු සෙනෙහස භවෙන් භව මතකේ තියා
කාත් කවුරුත් නොමැති සිත මත සතුට තවරන්නට කියා
පාත් වුණු සුදු මීදුමේ තෙත රැගෙන සීතල ඇති නියා
මාත් නුඹ හා තනි වුනා මේ තුරු වියනෙ රොබරෝසියා

කිරණ නහවන සිසිල දුරලන ළහිරු අප දෙස නෙත් අයා
සරණ විහඟුන් සමග පෙම්ගී ගැයුවෙ තාලෙට ස්වර තියා
පුරණ පෙරුමක බලෙන් දෙසිතක පෙම් හැඟුම් උතුරන නියා
දෙරණ සිපගෙන සුවඳ පතුරා අසිරි දෙයි රොබරෝසියා

දැනෙන හැඟුමක සුවය විඳිනට මේ භවේ පින මදි නියා
දැවෙන සුසුමන් කඳුළු විලසට නෙතග රැඳුනේ බැස නොයා
තැවෙන මේ සිත නිරන්තරයෙම පාව එන්නේ නුඹ සොයා
ලබන භවයක ලඟින් ඉමු අපි සුවඳ ගෙන රොබරෝසියා .........

27 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර දැමීමට පෙර සිතා බලන්න...😀

      ස්තූතියි
      ජයවේවා!!!

      Delete
  2. ආපු දිනවල කොළඹ නගරෙට අනේ උඹ කී දුක් කතා
    මතක් වෙන කොට හිතන්නට බෑ සතුට ගෙන ආ කොයි ලතා
    ප්ලෙන්ටියෙ පෙඟවූ මාරි විස්කෝතුවකි උඹ නෝ කතා
    පොහොය ගෙවෙනා කලට උනුසුම ගෙනෙයි සදහට සඳ ලතා

    ReplyDelete
    Replies
    1. නහය තෙත් වී ඇසත් රතුවී හිටියෙ කියමින් දුක් කතා
      සහය දෙන්නට කවුරුවත් නැත ඇහුනෙ නිතරම බොරු කතා
      දහය ගැන ගැන ඇඟිලි මිරිකා සිටින විට දුක හිත හිතා
      පොහොය පසුවූ දාට තනියට මගේ ලගමයි සඳලතා.....
      ස්තූතියි..අයියේ..
      ජයවේවා ණ!!!

      Delete
  3. තව ටිකක් කෙටි කලොත් සිංදුවකට මරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.
      ජයවේවා!!!

      Delete
  4. හරිම ලස්සනයි දුමී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විනීත පූ....
      ජයවේවා!!!

      Delete
  5. කොතෙක් බාදක මතුව ආවත් ඒ සියල්ලම ගසා හැරලා
    අධිෂ්ඨානය පෙරට අර ගෙන බැඳී ඇති බැමි ලිහා දමලා
    ලබන බවයක ඇයිද? අද හෙට උනත් එනවා සිකුරු ලබලා
    නැතත් රෝබෝරෝසියා අතළඟ, වෙනත් ගස් වල මල් පිපීලා

    ReplyDelete
    Replies
    1. හකුරු මීපැණි විලස සුව දෙන සිහින මත්තෙම සිත තියා
      අකුරු ගලපා සෙව්වා සෙනෙහස මටත් නොදැනිම දුර ගියා
      පොකුරු පොකුරු ලෙස පිපි නමුත් තව වෙනත් මල් සුවඳක් තියා
      සිකුරු ආවත් කෙසේ අමතක කරමිදෝ රොබරෝසියා.....

      ස්තූතියි අපූරුයි කවියට.
      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ. ඔබට.

      ජයවේවා!!!

      Delete
  7. හැමදාම වගේ අපූරැ වියමනක්
    ..................................................................
    අපේ අලුත් සින්ඩියත් එක්කත් එකතු වෙන්න
    https://sithuvilifmsindiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පවන්.
      ජයවේවා!!!

      Delete
  8. Very nice (as usual) keep up the good work

    ReplyDelete
  9. Replies
    1. ස්තූතියි තඩියා.
      ජයවේවා!!!

      Delete
  10. හැමදාම වගේ පට්ට !

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලණ.
      ජයවේවා!!!

      Delete
  11. මතක දැවටුනු පෙතක තනිවම
    ඇවිදිද් දි රොබරෝසියා
    දැවටි දැවටී හමන මඳනල
    අහන්නෙම ඔබ කෝ කියා

    වැටුනු දම් පැහැ පියලි අතරින්
    නොපාගා අඩි තිය තියා
    එදා වාගේම අදත් මං හොයනවා
    ඔබෙ ඇස් කෝ කියා

    හිතම තෙත් කර වැටෙන කඳුළක්
    රොබරෝසි පෙත්තක තියා
    ඉතින් යන්නම් ආයෙ දවසක
    දකින පැතුමක පෙම ලියා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ...
      ජයවේවා!!!

      Delete
  12. අගෙයි.. හැමදාමත් වගේම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
    2. ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  13. ගීතවත් සුන්දර නිර්මාණයක් අයියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්ෂේම භූමිය .
      ජයවේවා!!!

      Delete

119. හෙටට පිංබර දිවිය ජයගමු සොඳුරියේ අපි එක්වෙලා.........

සඳක් සිසිලෙන් නැහැවෙනා මේ සොඳුරු මොහොතක හිනැහිලා සිතක් දෙසිතක් සසර අතරේ නොසිතු සේ අද ලංවෙලා විලක් විලසට සින්න කරගත් ආදරේ තව හැඩවෙලා වෙසක...