Wednesday, May 29, 2019

119. හෙටට පිංබර දිවිය ජයගමු සොඳුරියේ අපි එක්වෙලා.........

සඳක් සිසිලෙන් නැහැවෙනා මේ සොඳුරු මොහොතක හිනැහිලා
සිතක් දෙසිතක් සසර අතරේ නොසිතු සේ අද ලංවෙලා
විලක් විලසට සින්න කරගත් ආදරේ තව හැඩවෙලා
වෙසක් මාසෙක බැඳුනු අතැඟිලි අපේ සෙනෙහස වැඩිකලා

රතට රතු මල් පාවඩක් වී මැයි කුසුම් බිම වැතිරිලා
අපට ආසිරි පුදකරයි දැන් සිනා සුසුමන් පතුරලා
හිතට සැනසුම සදන සිනහව නිතර මුවගේ රඳවලා
හෙටට පිංබර දිවිය ජයගමු සොඳුරියේ අපි එක්වෙලා.........

17 comments:

  1. සදා සිනහව රැඳී මුවගේ
    ජීවිතය සැපවත් වෙලා
    පතමි පැතුමන් සරු වෙන්න
    යුග දිවිය ආසිරි සල සලා.

    ජය මංගලම් !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.
      ජයවේවා!!!

      Delete
  2. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රා. ජේ.
      ජයවේවා!!!

      Delete
  3. දසත විසිරෙන සතුට ගෙන එන අසිරි මල් වැස්සක් මැදින්
    සුවය සොම්නස පිරෙන ඉතිරෙන සුබම හෙට දවසක් මතින්
    තබන පියවර දෙදෙන එක්වී දිවිය දිනනට හැකි ලෙසින්
    ඔබට සුබ මංගලම්, එවනෙමි මගේ සුබ පැතුමත් තුටින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විනීත පූ.
      ජයවේවා!!!

      Delete
  4. රහ දැනෙන්නේ කනකොටයි ඔය ඇඹුල් අඹයේ, දන්නෙමී
    විතරමයි සැප කියා හිතුවොත් පාර වරදියි බොට දුමී
    හොඳත් නරකත් දෙකම ගන්නට ඔබට හැකි බව සිතනෙමී
    මියෙන දා තෙක් එකට ඉන්නට ලැබේවා යැයි මම පතනෙමී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.
      ජයවේවා!!!

      Delete
  5. ජයවේවා...ඔබ දෙපලටම සුභ විවාහ සංවත්සරයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු...
      ජයවේවා!!!

      Delete
  6. සුබ පැතුම් දුමී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී...
      ජයවේවා!!!

      Delete
  7. ජයවේවා සුබ මංගලම් දුමී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලණ.
      ජයවේවා!!!

      Delete
    2. එළි වැට රහිත පද වැල
      සඳෙස් අරුතක් ලබනට
      ලබුනු සම්මත එළිවැට
      විසිර ගිය පද එක් කොට
      තනනු ඇත කවියක් හෙට දින
      එළිය පුබුදන සදහට

      පරක්කුවෙලා දැක්කේ කොල්ලො!

      Delete
    3. ස්තූතියි අයියෙ.
      ජයවේවා!!!

      Delete
  8. ඔබ ලැබූ නව දිවියෙ උණුසුම අපට තවමත් දැනෙනවා.
    දස අතින් ආ නොයෙක් පැතුමන් තවම ගුවනේ ඇසෙනවා
    සතුට සාමය සියලු සම්පත් ඔබට දිගටම ලැබෙනවා
    තවත් රසවත් කවි ලියන්නට ඇගේ සහයත් පතනවා

    ReplyDelete

122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී කිමද සො...