Friday, September 13, 2019

122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී
සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී
මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී
කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

බිඳුණු මන්දිර ගොඩ නගාගෙන මල් පිපී ඇති මාවතේ
රැදුණු සැමරුම් යළිත් ගොඩගෙන කරමු සෙනෙහස භාවිතේ
සැදුණු කඳුලක උණන උණුහුම බිඳින්නට බැහැ මීවිතේ
පිදුණු පිවිතුරු ආලෙ ලංවෙන දින ලඟයි අපෙ ජීවිතේ........

9 comments:

  1. ලස්සනයි දුමී. භාවිතේ කියන වචනේ වෙනුවට වෙන එකක් දැම්ම නම් තව ලස්සනයි වගේ මට නම්.

    ReplyDelete
  2. අගෙයි අයියා අගෙයි +++++++

    ReplyDelete
  3. ලස්සනයි දුමී

    ReplyDelete
  4. බිදුණු පැතුමන් හිත් දරාගෙන ඇවිදයන
    මේ මාවතේ
    මතක මන්දිර යලිත් ගොඩගෙන කරම්
    කෙලෙසද ආදරේ
    බිදුණු හදවතේ උනන කදුලැලි මකන්නට
    බැහැ මීවිතේ
    පිදුව පිවිතුරු ආලේ ඔබමයි කඩකලේ
    පහුගිය දිනේ...

    ReplyDelete

122. කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී....

නදද තවමත් මිහිර දැනෙනව සුවඳවත් මල් ඇත පිපී සඳද සුසුමන් හෙලා බලනව වළා මත්තෙම හැපි හැපී මමද ඔබ හා එකම පැතුමක හිටියෙ කිසිදා නොම කිපී කිමද සො...