Tuesday, November 15, 2016

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා...........

ලා දම් පාට මල් හිනැහෙන රොබරොසියා
මල් පාවඩ දිගේ හෙමිහිට අඩිය තියා
ඉමක් නිමක් නොපෙනෙන ජීවිතය සොයා
ඔබත් මමත් නිරතුරු මෙහි ආව ගියා

දෙනෝදහක් දෙන ගැවසෙන නුවර පුරා
නිසසල බිඳී පාවෙයි ඝෝෂාව දරා
රොබරොසියා තුරු ගොමුවේ දවස පුරා
දොඩමළු වුණා අපගේ හිත් ලොවට හොරා

ආදර ඔබේ සුසුමන් දෙව් ලොව වැඩියා
දුටුව සිහින කඳුළු බිඳෙන් බොඳව ගියා
නිරතුරු අප දෙදෙන හමුවූ රොබරොසියා
මලේ සුවඳ මට දී ඔබ යන්න ගියා........

Monday, November 7, 2016

කැති ගැති ඇමති සති නැති වෙති නිති මැරෙතී..........




යති එති බුරති ගැති නැති මැති පැති         පනිතී
කති බොති නිදති කිති නැති වෙති රති      විඳතී
තුති දෙති රවති නැති බැති ගති නිති          පුදතී
කැති ගැති ඇමති සති නැති වෙති නිති  මැරෙතී




සතුටයි සතුටයි දුමියට සතුටයි දුමියගෙ බ්ලොගයේ ලිපි සීයයි....

නහවයි නහවයි දිනකර පායා නිල් විල් ජලයම හරි සීතයි සුවඳයි සුවඳයි සියපත් පිපිලා සුවඳ විඳින්නට හරි ආසයි මුමුණයි මුමුණයි සියොතුන් අතු අග මුමුණන ග...